‘අම්මයි අප්පච්චියි මම ගැන ගොඩක් ටච් එකේ ඉන්නේ’ ජනප්‍රිය නිලි ඩිලූශි කියන කතාව

ධරණි ටෙලි නාට්‍ය හරහා කරළියට පැමිණි ඇය දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම සටන් කලාව හොඳින් ප්‍රගුණ කරන තරුණියක්. දගකාර කටකාර තරුණියක් වන ඇය නමින් ඩිලූෂි හංසිකා. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්නයි. ඩිලුෂි කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ, ”දෙරණ අවුරුදු කුමරිය ට මම සහභාගි වෙනවා එයින් තුන්වෙනි ස්ථානය තමා මට හිමි වෙන්නේ. ඉතින් ඒ හරහා තමයි මට රංගනයට එන්න පාර විවර වෙන්නේ. අවුරුදු කුමරිය තරගයටත් ඇප්ලිකේෂන් එක දාන්නෙ මගේ නංගි කෙනෙක්. මම නොහිතපු විදිහට තමා මට ඒ තරගයේ ජයග්‍රහණයක් හිමි වෙන්නේ. ඒක මගේ වාසනාව කියලත් හිතෙනවා. අවුරුදු කුමරිය වීම නිසා තමයි මගේ ජීවිතේ ගමන් මග වෙනස් උනේ.”

පළමු රංගන අවස්ථාව දැනුණෙ කොහොමද ඔබට, ”ටෙලි නාට්‍යය විනුලි කියන චරිතයට මට අමුතු හැඩගැහෙන්න ඕන වුණේ නැහැ, මොකද ඒ චරිතය මම වගේම තමයි. කැම්පස් යන තරුණියක්. හැබැයි විනුලි ටිකක් දඟකාර මුරණ්ඩු ගති පැවතුම් තියෙන කෙනෙක්. ඒ ඇරෙන්න කිසිම අසමාන කමක් මේ චරිත දෙක අතරින් මට දැනුණේ නැහැ. මම පොඩි කාලේ ඉඳන් මීඩියා සමග වැඩ කරලා තියෙනවා. ඒ නිසාම වෙන්න ඇති ලොකු පීඩනයක් මට හදවතට දැනුනේ නැහැ.”

රංගන ශිල්පිනියක් වෙනවට ගෙදරින් ඔබට බලපෑමක් තිබුණෙ නැද්ද, ”මම පුංචි කාලේ ඉඳලම අම්මයි අප්පච්චි මගේ අප්පච්චි මගේ පිටිපස්සෙන් හිටියා. අදටත් ඒකෙ වෙනසක් නැහැ. එයාලා මම කරන කිසි දේකට අකමැති වෙලා නැහැ. කවදාවත් අපිට පාඩම් කරන්න කියලවත් ඒ දෙන්නා බලපෑම් කරන්නේ නැහැ. ඒ නිසාම වෙන්නැති අපි වැරදි දේවල් ජීවිතේ එයාලට කරන්නෙත් නැහැ. අපේ පවුල අහිංසක වැදගත් විදිහට ජීවත් වන පවුලක්. නිතරම ඒ දෙන්න අපට කියලා දෙන්නේ නිවැරදිව ජීවිතයට මුහුණ දෙන විදිහ. මම බය නැතුව මේ ක්ෂේත්‍රයට එන්න හේතුවත් එයාලා. මට කිසිම වෙලාවක නිළියක් වෙනවට ගෙදරින් බලපෑමක් තිබුණේ නැහැ. අදටත් අම්මා අප්පච්චි දෙන්න මම ගැන අවධානයෙන් ඉන්නේ.”

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද, ”මම ජීවිතේ ගැන ලොකු ලොකු බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්නේ නැහැ. අනික මම ලොකු ලොකු හීන පසුපස හඹා යන්නෙත් නෑ. හැබැයි මගේ වාසනාවකට වගේ මගේ ජීවිතේ මම ප්‍රාර්ථනා කරන දේවල් මට ලැබෙනවා. මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඉදිරියටත් මට සතුටින් ජීවත් ජීවත් වෙන්න ලැබෙන්න කියලා විතරයි. මම ලැබෙන දේවල් සතුටින් භාර ගන්න කෙනෙක්.”

නවක රංගන ශිල්පිනියක් විදිහට ප්‍රවීනයන්ගෙන් ඔබට ලැබෙන උදව් උපකාර කොහොමද, ”ඇත්තටම මම මම මේ ක්ෂේත්‍රයට අලුත්. මට මේ වැඩ කරන්න ලැබුණු ප්‍රවීණයන්ගෙන් ගොඩාක් හොඳ උපදෙස් ලැබෙනවා. අවවාද ලැබෙනවා. තාත්තවිකව රංගනය කරන්න ඕන විදිහට එයාලා කියලා දෙනවා. කිසිම ලෝබ කමක් නැතුව ප්‍රවීනයන් මගේ අඩුපාඩු කියලා දීලා ඉදිරියට යන්න උදව් කරනවා. ඒ නිසාම වෙන්නැති මගේ චරිතයට සාධාරණත්වය ඉෂ්ට කරන්න මට පුළුවන් වෙනවා. මම කැමැතියි ඉදිරියටත් ප්‍රවීනයන් එක්ක වැඩ කරන්න. මොකද ඇත්තටම ගොඩක් ප්‍රවීණ අය නවකයන්ට අත දෙනවා.

කුඩා කල සිටම නිළියක් වෙනවා කියලා හිතුවද, ”පාසලේදීත් මම ජනප්‍රිය චරිතයක්. සමහරුනම් මට පාසල් කාලෙදිම කිව්වා ඔයා නිළියක් වෙයි කියලා. හැබැයි මම හීනෙකින්වත් නිළියක් වෙන්න හිතපු නැති කෙනෙක්. ඒ වුනත් මට මේ ක්ෂේත්‍රයට එන්න වාසනාව හිමි වුණා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *