‘අම්මගේ අලුත් සැමියා මටත් ගොඩක් උදවු කරනවා’ කාවින්ද්‍යා කියන කතාව

රංගනයට, ගායනයට මෙන්ම නිවේදනයටද උපන් හැකියාවකින යුත් ඇය තාරුණ්‍යයේ දක්ෂ තරුවක්. සමිතා මුදුන්කොටුවගේත් අතුල අධිකාරිගේත් ආදරණිය කැදැල්ලේ මතක සැමරුම ඇයයි. නමින් කවින්ද්‍යා අධිකාරි. ලැබිම් නොලැබ්මි හැමදේම සමසිතින් භාර ගන්න ඇය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. නිවේදන කටයුතු සංගීත කටයුතු සමඟ තම මවගේ කලායතනයේ වැඩ කරමින් කාර්යබහුල වන ඇය කාලයක් හැම වැඩක්ම නතර කරමින් සිටියේ ඇයගේ මම්මා⁣⁣ගේ වියෝවත් සමඟ. එහෙත් නැවත ඇය කරලියට පැමිනිලා.

කවීගේ වැඩ වැඩි ⁣වුනත් ඔබට යම් නිදහසක් චිරන්ත නිසා ලැබෙනවා නේද? “චිරන්ත ⁣එන්න කලින් ගෙදර තාත්තා වුනේ මම. චුටි කාලේ ඉදන් මම වගකිම් දරපු කෙනෙක්. මගේ මල්ලි බලාගන්න තැන ඉදලා මට වගකිම් තිබුනා. හැබැයි චිරන්ත අපේ පවුලට එකතු වුනත් එක්කම මගේ වගකිම් ටිකක් අඩු වුනා. එයා අපේ මුළු පවුලටම ලොකු සහයෝගයක් දෙනවා. ඒ විතරක් නෙවෙයි එයා නිසා මට ලොකු රැකවරණයක් දැනෙනවා. මේ වෙද්දි චිරන්ත ක්‍රිකට් සෙල්ලම් කරනවා. තාත්තා නැති අපේ පවුලට චිරන්තගේ පැමිණිම ලොකු ශක්තියක් වෙනවා. ඒ වගේම ලොකු නිදහසක්. එයාගේ වයසත් එක්ක ඔහු ලොකු වගකිමක් දරනවා. ඒ වගේ කොල්ලෙක් ඇත්තටම මම දැකලා නෑ. එයා අපේ පවුලට ලොකු හයියක් කියලා කියන්නම ඕනි.”

කවි ආදරය විවාහය ගැන හිතන්නේ කොහොමද ? “අපේ පරම්පාරවේ අය ඔය ගැන හිතන්නේ එක එක විදිහට. මිනිස්සු විස්වාසය ගරුත්වය කියන දේ අතහැරලා තියෙන්නේ. ආදරය කියන දේ හොයන්නේ වෙනම විදිහකට. අද සමාජයේ ⁣ගොඩක් පවුල් වල වෙන්නේ එකිනෙකා පාලනය කරන්න යනවා. ඉතින් ඔවුන්ට විවාහ ජිවිතේ එපා වෙනවා. හැබැයි විවාහ වෙන්න කලින් ඉන්නේ වෙනම කෙනෙක්. විවාහ වුනාට පස්සේ ඉන්නේ තව කෙනෙක්. ඉතින් මම අනිත් අයගේ මේ වගේ ප්‍රශ්න දකිනවා. ඒ නිසා මට හිතෙනවා මම තනියම ඉන්න එක හොදයි කියලා.”

ඒ ගැන කලකිරිමකින්ද ඔබ කතා කරන්නේ. “කලකිරුණු තැන් තියෙනවා. දවසක මම කසාද බදින්නත් පුළුවන් නොබදින්නත් පුළුවන්. මොකද මට ඕනි මගේ සතුට කියන දේ. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ මගේ ජිවිතය ඇතුලෙන්ම තමා. කවි කියන්නේ ⁣නොදන්න කෙනෙකුට සැපට හැදුන ⁣සතුට විතරක්ම වින්ද කෙනෙක් කියලා. හැබැයි මම වාහන හෝදන තැන ඉදන් ඉගෙන ගෙන තියෙනවා. මට ඔිනිම ප්‍රශ්නයකට මුහුණදෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මම ප්‍රශ්නයකදි මගේ වගේම අනිත් කෙනා ගැනත් හිතනවා.”

පැතිරෙන ⁣කටකතා කවි භාරගන්නේ කොහොමද ? “මම කලාවට ආවේ නිවේදිකාවක් විදිහට. ඉතින් ඒ කාලේ ඉදන් මට ගොසිප් හැදුනා. මම ගොඩක් ආදරණිය පවුලක් යටතේ හැදුනේ. ඒ නිසාම මම හිතුවේ මගේ පවුලේ අය වගේම අනිත් අයත් ආදරණියයි කියලා. හැබැයි 2013 වසරේදි මම මිනිස්සු කවුද කියන්න තේරුම් ගත්තා. මට මිනිස්සු⁣ වෙනස් කරන්න බැරි වුනා. හැබැයි මම මාව වෙනස් කරගන්න පුරුදු වුනා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *