අමල් මාව ගොඩක් කෙයා කරනවා, එයා වගේ මනුස්සයෙක් කවදාවත් හම්බවෙලා නෑ – ශිරෝෂි රොමේෂිකා

රංගනයට වගේම නර්ථනයටත් ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශිරෝෂි රොමේෂිකා කියන්නේ, පහුගිය කාලයේ හැමෝම වගේ ඇය ගැන ගොඩක් කතා වුනා ඉතින් අපි සූදානම් වෙන්නේ ඔයාලා කාගේත් ආදරේ දිනාගෙන ඉන්න හිරෝෂි එක්ක ටිකක් කතා කරන්න, හැමෝම දන්නවා හිරෝෂි අනතුරකට මුහුණ දුන්නා කියලා, හැබැයි ඇත්තටම වුනේ මොකද්ද කියලා කවුරුවත් දන්නේ නෑ, ඇත්තටම එදා මොකද්ද වුනේ ”එදා අපි ඩේ අවුට් එකක් ගියා, ඒ ගිය තැන ජෙට්ස්කි තිබ්බා පදින්න, මම සාමාන්‍යයෙන් ජෙට්ස්කි පදින්නේ නෑ, එදා මගේ යාළුවො ටිකක් හිටපු නිසා මම එයාලා එක්ක ජෙට්ස්කි පැද්දා, ඒක මගේ අතින් වෙච්ච අනතුරක් නෙවෙයි, මම එහෙම ජෙට්ස්කි පදිද්දී ජෙට්ස්කි එකක් ඇවිත් මගේ සයිඩ් එකෙන් හැප්පුවා, ඒකෙන් තමයි ඒ අනතුර සිදුවුනේ, මම හීනෙකින්වත් හිතුවේ නෑ එහෙම අනතුරක් වේවි කියලා,

සමහර වෙලාවට ඒ අනතුර මගේ ජීවිතේ හැරවුම්ලක්ෂය වෙන්න තිබ්බා, ඒක මගේ ජීවිතය නැතිවෙන්න තරම් බරපතල අනතුරක්, මම වල කටට ගිහින් ගොඩ ආව කෙනෙක්, ඇත්තම කියනවනම් මගේ ජීවිතේ බේරලා දුන්නට දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා, මොකද මම බේරුනේ ප්‍රාතිහාර්යයක් වගේ දෙයකින්, කොහොම වුනත් දෙවියන්ගේ පිහිටෙන් අද මම ජීවත් වෙලා ඉන්නවා”

ශිරෝශි අසනීප වෙලා ඉද්දී අමල් උපන්දින සාදය ලොකුවට සමරලා තිබ්බා, ඉතින් මේ ගැන විවිද කතාත් සමාජ ජාලා හරහා පැතිරුනා, ඉතින් ඒ ගැන ඔයාට මොකද හිතුනේ, ”අමල්ගේ උපන්දින පාටිය මාස ගානකට කලින් ඉඳලම අපි ප්ලෑන් කරලා තිබ්බේ, මගේ මේ අනතුර නිසා තමයි ඒක ලොකුවට ගන්න බැරි වුනේ, අනේ මම නම් ඒ පාටි එකේ වැරද්දක් දකින්නේ නෑ, අමල් කියන්නේ සෙලිබ්‍රිටි කෙනෙක්, ඉතින් ඒ වගේ සාද සාමාන්‍ය දෙයක් අනික ලොකුවට ගන්න හිටපු පාටිය කැන්සල් කරලා තමයි ඒ පාටි එක පොඩියට ගත්තේ,

ජීවිතේ මේ ආව ගමන ගැන ආපස්සට හැරිලා බැලුවම මොකද හිතෙන්නේ..? මගේ ජීවිතේ ගැන ආපස්සට හැරිලා බැලුවන මට ගොඩක් සතුටු වෙන්න පුළුවන්, මොකද මගේ ජීවිතේ ලොකු අත්දැකීම් ටිකක් තියෙනවා, ඒ අත්දැකීම් එක්ක අද මම ගොඩක් ශක්තිමත් ගැහැනියක්, ඒ නිසා මේ දක්වා ආවගමන ගැන මට කිසිම දුකක් නෑ, අද මම කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා, හැබැයි මම කියන්න මගේ ජීවිතේ හමුවුන ආදරණීයම මනුස්සයා තමයි අමල් කියන්නේ, ඉදිරියටත් ඒක එහෙම තමයි.මොකද අමල් කියන්නේ මාව ගොඩක් කෙයා කරන කෙනෙක්,”

Related Posts