අපොයි මමනම් ආයේ කීයටවත් දේශපාලනේ කරන්නේ නෑ මම හොඳට මට්ටුවුනා – ඉරාජ් වීරරත්න

ඉරාජ් වීරරත්න කියන්නේ සංගීත ක්‍ෂේත්‍රයේ ඉන්න දැවැන්ත චරිතයක්, ඒ වගේම තමයි ඉරාජ්ගේ ට්‍රේන්ඩින් ආවේ නැති වීඩියෝවක් නැති තරම් මොකද ඉරාජ් මොන විදියේ නිර්මාණයක් කලත් ලංකාවේ බහුතරක් ඒ වීඩියෝ නරඹනවා, සංගීත දිවිය තුල විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන හිටපු ඉරාජ් හැමෝම අතර වැඩිපුරම කතාබහට ලක්වුණේ ගවුමක් ඇඳගෙන කරපු වීඩියෝවක් නිසා, කොහොම වුනත් වර්තමානය වනවිට ලංකාවේ ඉන්න ගොඩක් ධක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක්වන ඉරාජ් සමගයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ,

ඉරාජ් පහුගිය කාලයේදී වැඩිය පේන්න හිටියේ නෑ මොකද කලේ ඒ කාලේ ”මම පහුගිය කාලයේ ලංකාවේ හිටියේ නෑ, මම පහුගිය කාලයේ හිටියේ ඉන්දියාවේ, ඒ වගේම හොලිවුඩ් සහ කැලිෆෝනියා පැත්තට ගියා, පහුගිය කාලයේ මගේ ස්ටුඩියෝ විනාශ වුනා, අරගල කාරයෝ මගේ බඩු ගොඩක් හොරකම් කරලා තිබ්බා, ඉතින් මට ඕන වුනා ආයෙමත් වැඩ පටන් ගන්න, කලබල කාලේ කොහොමත් මට වැඩ කරන්න විදියක් තිබ්බේ නෑ, ඉතින් මම සංගීත වැඩ ටිකක් කරන්න මම විදෙස්ගතවුනා, මම මාස දෙක තුනක්ම හිටියේ විදේශගතවෙලා, මට ඕන වුනා ඉරාජ් කියන්නේ හරියටම කවුද කියලා හැමෝටම පෙන්වන්න”

පහුගිය කාලයේ හැමෝම කතාවුනේ ඔයාගේ දේශපාලනය ගැන, ඉතින් ඉරාජ් ආයේ දේශපානය කරනවද..? ”අපොයි නෑ, කීයටවත් නෑ, දේශපාලන කරන්න මට කිසිම අදහසක් නෑ, දැන් මට ඕන මියුසික් කරන්න විතරයි, මම ඒ දවස්වල කලේ ජනාධිපතිතුමාගේ මතය වෙනුවෙන් අවසන් මොහොත දක්වාම පෙනී හිටපු එක, එතනින් එහාට කිහිම දේශපාලනයක් මට තිබ්බේ නෑ, දැන් මම ඉදිරියට කරන්නේ මගේ සංගීත වැඩ විතරයි, ඒ වගේම මගේ ව්‍යපාර වැඩකටයුතු විතරයි.”

ඉරාජ් මේ දේවල් කරන්නේ සියලුම දේවල් කියන කතා සේරම කියන්නේ කලකිරීමෙන්ද..? ”නැහැ මම ඇත්තටම මම කලකිරිලා නෑ, හැබැයි මට මගේ යාළුවො ගැන කලකිරිලා තියෙන්නේ, විශේෂයෙන්ම මගේ ක්‍ෂේත්‍රයේ ඉන්න යාළුවන් ගැන, මොකද ඒ අය මාත් එක්ක පුදුම ඉරිසියාවකින් ඉඳලා තියෙන්නේ, දේශපානය නිසා එයාලා මාව නැති කරන්නම උත්සහ කළා, ඒ තත්වයට එයාලා පත්වුණ එක ගැන මම කලකිරිලා ඉන්නේ, මේක අපේ ජෙනරේෂන් එකේ ප්‍රශ්නයක්, මම හිතනවා ඉදිරි ජෙනරෙෂන්වත් අප්ඩේට් වෙයි කියලා”

Related Posts