Fri. Jan 28th, 2022

නිලූ ටනාෂා කියන්නේ මේ වෙද්දි කවුරුත් දන්න හඳුනන චරිතයක්, පාර දිගේ ටෙලිනාට්‍යය හරහා ජනප්‍රිය චරිතයක් වන වත්සලාගේ චරිතයට ටනෂො පණ පොවනවා. ඉතින් මේ සූදානම මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ඇය ගැන කතා කරන්නයි. නිරූපණ ශිල්පිනියක් වන ඔබ කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ, ”මම නිරූපණ ශිල්පිණියක් ශිල්පිනියක් වෙලා දැන් අවුරුදු 10ක් විතර වෙනවා. මම අදටත් නිරූපණ ශිල්පිනියක් විදියට කටයුතු කරනවා. ඉස්සරහටත් මම නිරූපණ ශිල්පිණියක් විදිහට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. අනුර අයියා හරහා තමයි මට රංගනයට අවස්ථාව හම්බ වෙන්නේ.

මට රංගනය පිළිබඳ ඉගෙන ගන්න විවිධ රංගායතන වලට ගියා. තවමත් යනවා. සේද මාවත සිනමා කෘතිය හරහා තමයි මම රංගනයට මුලින්ම පිවිසෙන්නේ. ඒ කාලේ නම් රඟපානවා කියන එකම ගැන මම දන්නෙ නැහැ. සේද මාවත හරහා මට ජනප්‍රිය තරු එක්ක රඟපාන්න අවස්ථාව ලැබෙනවා. එතැනදී තමයි මම රංගනය පිළිබඳව ඉගෙන ඉගෙන ගන්න පටන් ගන්නේ.

නිලූ වැඩිපුරම කැමති බිකිනි අඳින්න ඒත් බිකිනි අඳින අය දිහා ලංකාවේ අය බලන්න වැරදි කෝණයකින් නේද, ඇත්තටම ඔව්. පිටරටක බිකිනි අදිනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. හැබැයි ලංකාවේ බිකිනි ඇදලා හිටියොත් බලන්නෙම වැරදි විදිහට. බිකිනියන් අඳින්නෙත් ශරීරයේ හැඩය පේන්න. මමත් බිකිනි අඳින කෙනෙක්. මම මගේ ශරීරය ශරීරයේ හැඩය පවත්වා ගන්න ජිම් එකටත් යනවා. මම මේ හැම දෙයක්ම කරන්නේ මගේ රටට කීර්තියක් ගේන්න. මේක කරන කෙනා තමයි දන්නෙ ඒකට වෙන මහන්සිය. ගොඩක් අය දන්නෙ පිට ඉඳලා කතා කරන්න විතරයි. නිරූපිකාවක් බිකිනියක් ඇඳන්දොත් ගොඩක් දෙනා කතා වෙනවා.

ඔබ අද ඉන්න තැන ගැන සතුටු වෙනවද, ඔව් මම ඉන්න තැන ගැන මම සතුටු වෙනවා. මම බලාපොරොත්තුව හැමදෙයක්ම මට ඒ විදිහටම ලැබුණේ නැහැ. හැබැයි මම නොහිතපු විදියට ගොඩක් දේවල් සාර්ථක වුණා. මට මේ හැමදේම ලැබෙන්න වාසනාව කියන දේ හේතුවක් වෙන්න ඇති. ගොඩක් අය මට මේ තැනට එන්න උදව් කළා. සමහර තැන්වලදි කළකිරීම කියන දේ දැන් වුණත් මම මගේ ගමන ගියා. ඉදිරියටත් මම මගේ ගමන හෙමින් යනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *