අපේ මිනිස්සු එක එක නරක දේවල් හිතනවා – රෝහල් ගතව ඉන්න ජැක්සන් ගැන මධුමාධව අරවින්ද කියන කතාව

මධුමාධව අරවින්ද කියන්නේ අපි හැමෝම ගොඩක්ම දන්නා ගායන ශිල්පියෙක්. ජනප්‍රිය ගීත ගණනාවක්ම ගායනා කල මධුමාධව පසුව දේශපාලනයට සම්බන්ද වෙනවා. ඒ වගේම තමයි දේශපාලන කරලියේ ඉන්න ජනප්‍රියම චරිතයක් විදියටත් මධුමාධව අරවින්ද හඳුන් වන්න පුළුවන්. කොහොම වුනත් මේ වනවිට මධුමාධව දේශපාලන වේදිකාවේ වැඩිය දකින්න ලැබෙන්නේ නෑ. හැබැයි මධුමාධව සමාජ ජාලාවලනම් ගොඩක්ම ජනප්‍රියයි.

මධුමාධව මුලින්ම විවාහ වෙලා ඉන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමග ඒ වගේම එම විවාහයෙන් ඒ දෙපලට දියණියක ඉන්නවා. කාලයත් එක්ක මේ දෙපලගේ පුද්ගලික හේතුන් කිහිපයක් මත ඔවුන් දෙදෙනා විවාහයෙන් වෙන්වෙනවා. මේ වනවිට මධුමාධව තුන්වන වරටත් විවාහ වෙලා ඉන්නේ.

මධුමාධව සහ ජැක්ෂන් ඇන්තනී කියන්නේ ගොඩක් හොඳ මිතුරන් ඉතින් ජැක්ෂන් ඇන්තනී මහත්මයා මේ වනවිට ඉන්න තත්වය ගැන මධුමාධව අරවින්ද අපූරු සටහනක් එකතුකරලා තිබ්බා ඒ තමයි ”ජැක්සන් ඇන්තනී සුව වේවා මුලු රටක්ම ආයෙත් පැතුවා. නුබෙ රුව එකපාරටම වැඩියෙන් බුකියෙ පෙනෙනකොට. හිතට හරි බයයි. අපි මිනිස්සුනෙ. එක එක නරක දේවල් හිතෙනවා. නුබට ආදරය කල නුබෙන් ජීවිතයෙ කන්දක් දේ හොරා ගත්ත නුබ කතා කරනකොට. කට ඇරන් අහන් හිටිය අපිට. හැමෝටම ආදරනීය නුබ එක්ක ජීවිතේ දිගේ ගලන්න ඕනෙ තව ගොඩාක්කල් මගෙ වැඩිමහල් ම. මොනවත් ලියන්න හිතෙන්නේ. මේ නපුරු සුවද තව ඉවසන්නත් බෑ. ආදරනීය නුබ මේ මොහොතෙත්. ජීවිතය සහ මරනය එක්ක. තට්ට තනියම ඔට්ටු වෙනව ඇති. ඔව් ඒ යුද්දෙන් නුබ දිනනවා. ඒකයි උබට ආදරේ කෝටියක් මිනිසුන්ගෙ පැතුම. නුබේ හුස්මට යෝධ බලය යෝධ ශක්තිය ලැබේවා.”

Related Posts

Leave a Reply

Your email address will not be published.