‘අපේ මිනිස්සුන්ට ඕස්ට්‍රේලියාවේ අයගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා’ නතාෂා කියන කතාව

ලස්සන කියන්නේ කාන්තාවකට ලොකු ආභරණයක්. එහෙම කියන්නේ අදක ඊයේක නෙවෙයි. ඒ නිසාම දවසින් දවස කාන්තාවක් ලස්සන වෙන්ක විවිධ දේ කරන්න දෙපාරක් හිතන්නේ නෑ. ඉතින් අද ලස්සන කියන මාතෘකාව ගැන කතා කරන්න අපි එකතු කරගන්න හිතුවේ ලස්සන කියන දේ එකලෙසට ආරක්ෂා කරගන්න ගායිකාවක් රංගන ශිල්පිනියක් වෙන නතාෂා පෙරේරා.

ඕස්ට්‍රේලියාවේ ජිවිතයට හුරුවෙන නතාෂා මේ වන විට නිතිය පිළිබඳ වෘත්තියක නියලෙනවා. ඇත්තටම එන්න එන්න නතාෂා ලස්සන වෙනවා “වෙන්න ඇති මම හිතන්නේ කෙනෙකුගේ අධ්‍යාත්මික හැගිම් ලස්සනම් ඒ කෙනා අනිවාර්යයෙන් ලස්සන වෙනවා. අනික අපි කාටවත් හානියක් කරන්නේ නැත්නම් අපේ මනස පිරිසිදු වෙලා රූපය සුන්දර වෙනවා. මම සුදු වෙන්න කියලා මම ලස්සන වෙන්න කියලා විශේෂ දේවල් කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මම මම ගැන හිතනවා. මම ළඟ සෘන සිතුවිලි නෑ. ඒ නිසා මගේ මනස හැම මොහොතකම නිදහස් වගේම නිරවුල්”

ඕස්ට්‍රේලියාවේ ජිවත් වු ඔබට එහි මිනිසුන්ගේ අධ්‍යාත්මය දැනෙන්නේ කොහොමද ? ”ඔවුන් ඒ සංස්කෘතියට හැඩ ගැහිලා ජිවත් වෙනවා. හැබැයි මම හිතනවා ඕස්ට්‍රේලියාවේ අයගෙන ලංකාවේ අයට ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. ඒ මිනිස්සු නිදහස්ව සතුටින් ජිවත්වෙන්න හේතුව ඔවුන් කිසි මොහොතක අනුන්ගේ දේවල් හොයන්න යන අය නෙවෙයි. අනික කාටහරි උදව්වක ඕනිනම් දෙපාරක් නොහිතා ඔවුන් උදව් කරනවා. රන්ඩු වෙලා වෛර කරලා ඔවුන් ජිවත් වෙන්නේ නෑ.”

ඔබේ සුන්දරත්වය ආරක්ෂා කරගන්න ඔබ මොනාද කරන්නේ? “රාජකාරි වැඩත් එක්ක ඇත්තටම මම කාර්යබහුල කෙනෙක්. ඒ නිසා හැම වෙලාවකම මම ගැන හිතන්න අමාරුයි. ඒත් මම කෑමබිම ගැන සැලකිලිමත් වෙනවා. කෑම පාලනය කරනවා. පළතුරු නිරතුරුව ආහාරයට ගන්නවා. සම ගැන හිසකෙස් ගැන මම හිතනවා. ඒ දේවල් වලට ප්‍රතිකාර කරනවා.”

විලාසිතා කිරිමේදි, “මම ලංකාවට වඩා ඕස්ට්‍රේලියාවේ විලාසිතා කරන්න පුරුදු වුන කෙනෙක්. හැබැයි මම ශරිරයට ගැළපෙන විලාසිතා විතරයි කරන්න පුරුදු වුනේ. සමාජයක් ඉස්සරහ කැපි පෙනෙන්නෙ ඕනි කියලා මම කිසිම වෙලාවක විලාසිතා කලේ නෑ. අනික කවුරුත් කරන පලියට මම විලාසිතා කරන්න ගියෙත් නෑ.”

ලස්සන කියන්නේ මොන වගේ හැගිමක්ද? “ලස්සන කියන්නේ කෙනෙකුට ලැබෙන ආභරණයක්. හැබැයි තමන් ලස්සනයි කියලා කිසිම වෙලාවක ආඩම්බර වෙලා ඒක ඔළුවට ගන්න ඕනි නෑ. මොකද රූපය කියන දේ ස්ථිර දෙයක් නෙවෙයි තාවතාලික දෙයක් විදිහටයි මම දකින්නේ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *