Tue. May 17th, 2022

ලංකාවේ හැමෝම වගේ ගොඩක් ආදරේ කරන යුවලක් තමයි මේනක රාජපක්ෂ සහ නෙහාරා රාජපක්ෂ කියන්නේ කාලයක් විදේශ ගතවෙලා හිටපු මේ ආදරණීය යුවල පසුව ලංකාව පැමිණියා, මේ වනවිට මේනක සහ නෙහාරා කියන්නේ ආදරණීය දෙමාපියන් යුවලක්. ඉතින් අද අපේ කතා නායකයා තමයි මේනක රාජපක්ෂ. මේනක රාජපක්ෂ කියන්නේ නිතරම විහිළුවන් තහළුවෙන් ඉන්න සැහැල්ලු ජීවිතයකට කැමති ඕනෑම කෙනෙකුට කියන්න තියෙන දේ කෙලෙන්ම කියන චරිතයක් මෙහෙම කියන්නේ අපි නෙවෙයි මේනකම තමයි.

මේනක කියන්නේ කලින් විවාහ වෙලා පසුව දික්කසාදවුන පුද්ගලයෙක්, ඉතින් දික්කසාදය පිලිබඳ සහ දෙවන විවාහය පිලිබඳ මේනක කිවුවේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම දකින්නේ ඕක අපේ ජානවල අවුලක්. අපේ මිනිස්සුන්ට කාට හරි කරදයක් උනාම උදවු කරනවා, එකතුවෙනවා. හැබැයි කෙනෙක්ගේ සතුටේදී එකතුවෙන්නේ ගොඩක් අඩුවෙන්. කෙනෙක්ගේ ජීවිතයේ මොනවාහරි වෙනස්වෙද්දී මිනිස්සු ඒ දිහා බලන්නේ අමුතු විදියට. දික්කසාද වෙනවා කියන්නේ අමුතු දෙයක් නෙවෙයි ගැලපෙන්නේ නැත්තන් ඒ තැන්වලි අපි ඉවත් වෙන්න ඕන, පිටරටඅය අපි වගේ හිතන්නේ නෑ, මම නම් කියන්නේ අපි පිටරට අය දිහා බලලා ඉගන ගන්න ඕන,”

මේනක කියන්නේ සතුන්ට ගොඩක් ආදරේ කරන චරිතයක් ඉතින් මෙනකගේ සුරතලා ගැන පසුගිය කාලයේ හැමෝම ගොඩක් කතාවුනා ඒකට හේතුව තමයි පසුගිය වසරක ඒ සුරතලා කොපි චැට් වේදිකාවට පැමිණිලා තිබීම. මෙනකගේ ආදරණීය සුරතලගේ නම තමයි ‘ස්නොවී රාජපක්ෂ’ ඒ සුරතලා සිට්සු වර්ගයේ සුනඛයෙක්. මෙයාගේ වයස දැන් අවුරුදු අටක් පමණ වෙනවා. නෙහාරා කියන විදියට ස්නොවී තමයිලු මේ දෙන්නගේ පලවෙනි බබා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *