‘අපේ පවුලට වෙච්ච දේ දැක්කම මට කසාද බඳින්න බයයි’ කාවින්ද්‍යා කියන කතාව

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ ගායිකාවක්, රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක්. සමිතා මුදුන්කොටුවගේ සහ අතුල අධිකාරිගේ ආදරණිය දියණිය වෙන ඇය තමන්ගෙම අනන්‍යතාවයක් ගොඩ නගා ගන්නා යුවතියක්. ඉතින් අපි මේ සුදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්නයි. මේ දිනවල සමිතාගේ කලායතනයේ වැඩ කරගෙන යන කාවින්ද්‍යා මේ වන විට ලංකාවේම ගොඩක් ජනප්‍රියයි.

කවී අලුත්නි තාත්තා එක්ක වැඩක් කරන්න යනවා කියන කතාව ඇත්තක්ද? “පහුගිය දවසක තාත්තා මම රූපවාහිනියේ වැඩසටහනකට ඉදිරිපත් වුනා. එදා තමා ඇත්තටම මටයි තාත්තාටයි නිර්මාණයක් කරන්න ආරාධනා ලැබුනේ. මට වුනත් ලොකු ආසාවක් බලාපොරොත්තුවක් තිබුනා තාත්තා එක්ක සිංදුවක් කරන්න. හැබැයි අපි නොහිතපු විදිහට අපි කාර්ය බහුල වුනා. ඒ එක්කම ඒ වැඩේ කරන්න බැරි වුනා. ඉතින් ඉදිරියේදි ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙයි කියලා මම හිතනවා.”

තාත්තා එක්ක ගීයක් ගායනා කරන්න හිතුවද ?”තාත්තා එක්තරා වැඩ සටහනකදි කියලා තිබුනා මමත් එක්ක ගීතයක් ගායනා කරන්න කැමති කියලා. සමහරු හිතන්නේ අපි එකම කලාවක නිසා අපිට සිංදුවක් කරන එක ලේසි කියලා. ඇත්තටම ඒක අමාරු දෙයක් කියලා දන්නේ අපි. මොකද අපි එකට මුණ ගැසුනත් අපිට ඒ දේ කරන්න වෙලා නෑ. ඉතින් ඇත්තටම තාත්තා මම කරන ගිතය වුනත් කවදා එළයිට එයිද කියන්න දන්නේ නෑ.”

ආදරය විවාහය ගැන කාවින්ද්‍යා මොකද හිතන්නේ “අපේ පරම්පරාව ඔය දෙකම ගැන හිතන විදිහ වෙනස්. මොකද ගෞරවය විස්වාසය කියන දේවල් මුල් තැනක නෑ දැන්. සමහර පවුල් වල පිරිමි කෙනා ගැහැණු කෙනාව පගාගෙන ඉන්නේ. මම කියන්නේ ඇත්තටම දෙන්නෙක් සම්බන්ධතාවයක් පටන් ගත්තහම අනිවාර්යයෙන් අපේ ඇතුලේ ඉන්න කෙනාට ඉඩ දෙන්න ඕනි. මම ඇත්තටම මගේ පවුලේ සිද්ධ වුන දේවල් ගැනලොකු අවබෝධයකින් ඉන්නේ. ඒ නිසාම මම විවාහයට බයයි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *