අපේ දරුවා අපිට ඕනනම් පෙන්නනවා නැත්තන් පෙන්නන්නේ නැතුව ඉන්නවා – සාරංග දිසාසේකර

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය කපල් එකක්, ඒ වගේම සමාජ ජාලාවලත් වැඩියෙන්ම කතාවෙන යුවලක් තමයි සාරංග දිනක්ෂි යුවල, ඉතින් මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගන ඉන්න සාරංග දිනක්ෂි යුවල එක්ක කතා කරන්නයි අපි අද සුදානම් වෙන්නේ, ඉතින් සාරංග දැන් වගකීම් ගොඩක් තියෙන තාත්තා කෙනෙක් නේද..? ”ඇත්තටම එක වචනයෙන් විස්තර කරන්න බැරි පුදුමාකාර හැඟීමක්, මට දැන් නිතරම දුවගේ වගකීම් තියෙනවා නේද කියලා මතක් වෙනවා, මම කොහොමත් ආස වුනේ අපේ පවුලට මුලින්ම දුවෙක් එනවට, අපේ දෝනි හරිම හුරතල්, ඒ විතරක් නෙවෙයි එයා මට ගොඩක් ආදරෙයි, ඒ දඟ වැඩ හුරතල් වැඩ එක්ක දවස යනවා කියලා දැනෙන්නේ නෑ, බබාට දැන් වයස අවුරුද්දයි ඒත් හැමෝම එයා එක්ක කතා කරන නිසා දැන් බබත් වචනයක් දෙකක් කතා කරන්න පටන් අරගෙන”

දෝනිගේ ඇස් සාරංගගේ වගේ නේද..? ”අපේ දෝනි දකින හැමෝම කියනවා දෝනිගේ ඇස්දෙක මගේ වගේ කියලා, පෙනුම දිනක්ෂිගේ වගේලු, හැබැයි මටනම් හිතෙන්නේ දෝනි දිනක්ෂිගේ තාත්තා වගේ කියලා, දෝනිගේ ඩිම්පල්ස් දෙක නම් සීයගෙ, හැබැයි ඇස් දෙක දිනක්ෂිගේ වගේ කියලත් හිතෙනවා, එයා අපි හැමෝගෙම සංකලනයක් කියලත් හිතෙනවා,”

එතකොට දිනක්ෂි ඔයා බලාපොරොත්තුවෙන් හිටියේ පුංචි දුවෙක්ටද..? ”අනේ මම එහෙම විශේෂයක් හිතුවේ නෑ, මම දුවෙක් උනත් පුතෙක් උනත් ආදරෙන් බාරගන්න සුදානම් වෙලා හිටියේ, මොකද අපි යමක් බලාපොරොත්තුවෙන් ඉඳලා ඒ දේ වුනේ නැති වුනාම දුක හිතෙනවා නේ ඉතින් මම ඕනෑම කෙනෙක් බාරගන්න සුදානමින් හිටියේ, හැබැයි සාරංග නම් ආසාවෙන් හිටියේ දුවෙක් ලැබෙනවට, දුවෙක් කියන්නේ ගෙදරක මිණිපහන,”

දිනක්ෂිගේ නංගිලා දෙන්නා වගේම ඔබත් කලාවට සම්බන්ද වෙලා ඉන්නවා ඉතින් අනාගතේ දවසක ඔබගේ දියණියත් කලාවට සම්බන්ද වෙන්න උත්සහ කලොත් ඔබ මොකද කරන්නේ ”දුවත් කලාවට සම්බන්ද වෙනවනම් මම ඇත්තටම මම ඒකට හරිම කැමතියි, හැබැයි අපි දෙන්නම එයාට කිසිම බලකිරීමක් කරන්නේ නෑ, එයා නිදහසේ වැඩිලා එයා කැමති තීරණයක් ගනීවි අපි කරන්නේ එයාගේ තීරණයට සහය දෙන එක විතරයි”

ඇත්තටම ඇයි සාරංග දුව මාධ්‍යට පෙන්නුවේ නැත්තේ. ”මෙහෙමයි ඒකට විශේෂ හේතුවක් තිබ්බේ නෑ, ඒ කාලය අනුව සමාජ ජාලාවල දාපු දේවල් එක්ක අපි දෙන්නම සමහර දේවල් නිසා බබා එකට නිරාවරණය කරන්න ඕන නෑ කියලා හිතෙන්න ඇති, ඊටපස්සේ සින්දුවක් එක්ක බබා පෙන්නනවා කියන එකත් හරිම අහම්බයක්, අපේ පොඩි නංගි දිනක්ෂි තමයි ඒ යෝජනාව කලේ, හැබැයි කාලයත් එක්ක ඒ කතාවත් යට ගියා, හැබැයි ඒ වෙනකොට දිනේෂ් මල්ලි ශනු එක්ක සින්දුවක් කරලා, පස්සේ දිනේෂ් මට කතා කරලා කිවුවා අයියේ මම සින්දුවක් කළා පොඩ්ඩක් බලන්නකෝ කියලා ඒ වෙද්දී එයා ගයිඩ් එකත් සින් කරලා තිබ්බේ ඒක අහපු ගමන් අපිට ආස හිතුනා, ඊටපස්සේ තමයි තීරණය කලේ උපන්දිනය එක්ක බබාව පෙන්නනවා කියල, වෙන හේතුවක් තිබ්බේ නෑ, පෙන්නුවේ නෑ කියලා සමහර අය එක එක ඒවා කිවුවා, අපි ඒවා ගණන් ගන්නේ නෑ සහ අපේ දරුවා අපිට ඕනනම් පෙන්නනන්වා නැත්තන් පෙන්නන්නේ නැතුව ඉන්නවා”

Related Posts

Leave a Reply

Your email address will not be published.