‘අපි හැමෝගෙම වැඩ වලට චිරන්ත හෙල්ප් කරනවා’ අම්මගේ අලුත් සැමියා ගැන කාවින්ද්‍යා කියන කතාව

රංගනයට ගායනයට මෙන්ම නිවේදනයටද දක්ෂ ඇය කාවින්දයා අධිකාරි. කලක් දුෂ්කර කාලයක් ගෙවමින් දැන් සතුටින් ජීවත් වෙන ඇය ගැන කතා කරන්නයි අද අපි සූදානම් වෙන්නේ. ලැබීම් නොලැබීම් කාවින්ද්‍යාට අලුත් දෙයක් නෙවෙයි. සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරිගේ අධිකාරි ගේ දියණිය වන ඇය රටක් දන්න තරුවක් කිව්වොත් නිවැරදියි .

කවින්ද්‍යා ගොඩක් ටැටු වලට ආස කෙනෙක්ද, මගේ ඇඟේ ටැටු 12 තියෙනවා. මගේ ඇඟේ තියන හැම ටැටු එකටම තේරුමක් තියෙනවා. මගේ ටැටු වලට සමහරු නම් එක එක කතා කියනවා. හැබැයි මගෙන් කෙනෙකුට කරදරයක් නැත්නම් මම කරන දෙයින් කරදරයක් නැත්නම් මං ආස දේ මම කරනවා. මම ආස ජීවිතේ විඳින්න. මේ ලැබුන ජීවිතය දුක් වෙලා විඳවලා වැඩක් නෑ. මොකද දවසක අපි කවුරුත් මැරෙනවා. ඉතින් ඒ නිසා ඉන්න ටික කාලේ සතුටින් ජීවත් වෙන්න ඕනේ.

තාත්තාගේ දුවගේ සම්බන්ධතාවය දැන් අලුත් වෙලා වගේ නේද, මෙහෙමයි අපි හැමදාම හම්බ වෙන්නේ නැහැ. තාත්තා ගෙදරින් ගියත් අපේ සම්බන්ධතාවය වෙනස් වෙලා නෑ. ඔයා ගෙදර හිටිය කාලේ වුණත් සංගීතයට තමයි වැඩි කාලයක් යොමු කළේ. අපිට අද කියලා වෙනසක් නැහැ. ඉස්සර වගේම එයා ගෙදර එනවා.අපි කට්ටිය එළියට යනවා.තාත්තා මේ දවස්වල රංගන කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. හැබැයි පුළුවන් හැම වෙලාවකම එයා අපිව මුණ ගැහෙනවා.”

අලුතින් පවුලට එකතු වුණේ චිරන්ත ගැනත් කතා කළොත්, මගේ ගෙදර ලොකු වගකීමක් මට පැවරුණා. පොඩි කාලේ ඉඳන්ම මම වගකීම් ගන්න පුරුදු වුන කෙනෙක්. මේ සමාජ ගොඩක් අය පිටින් බලලා තමා මනුස්සයෙක්ව මනින්නෙ. හැබැයි මනුස්සයො කවුද කියලා අපිට හරියටම තේරුම් යන්නේ අපි එයාලව ආශ්‍රය කරන්න ගන්නවත් එක්කම. චිරන්ත කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. චිරන්ත අපේ පවුලට එකතු වුණ දවසෙ ඉදන් අපේ පවුලට ලොකු හයියක් දැනුනා. එයා ගොඩක් වගකීමෙන් වැඩ කරන කෙනෙක්. අපි හැමෝගෙම වැඩ වලට එයා උදව් කරනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *