අපි ලංකාව අතහැරලා ආවා, මම ආයේ කිසිම දවසක ලංකාවට එන්නේ නෑ – රාජගිරියේ පැටී

කාලයක් ලංකාවේ හැමෝම අතර වැඩිපුරම ජනප්‍රිය වුන ටෙලිනාට්‍යක් තමයි ගිනිඅවි සහ ගිනිකෙළි කියන්නේ, ඉතින් මේ නාට්‍ය හරහා කාගේත් අවදානය වගේම ආදරය දිනාගන්න සමත් වුන රංගන ශිල්පියෙක් තමයි රාජගිරියේ පැටීගේ චරිතයට පන පෙව්ව හර්ෂ තෙන්නකෝන්, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගෙන ඉන්නේ පුංචි තිරයේ විවිද චරිත හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත හර්ෂ තෙන්නකොන්වයි,

හර්ෂණ මේ දවස්වල ඔයා රට ගිහින් කියලා අපිට දැනගන්න ලැබුනා, මොකද්ද මේ කතාවේ ඇත්ත නැත්ත..? ” ඔව් ඒ කතාව ඇත්ත, මම සහ මගේ පවුලේ අය ලංකාව අතහැරලා ආවා, මේක අපි හදිස්සියේ ගත්ත තීරණයක් නෙවෙයි, හැබැයි ලංකාවෙන් යන්න ඕන කියලා තීරණයක් අපිට තිබ්බේ නෑ, මට සහ මගේ බිරිඳට ලංකාව ඇතුලේ කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නෑ, හැබැයි පාස්කු සිදුවීම තමයි අපේ ජීවිත වෙනස් කලේ, ඒ වෙද්දී අපේ ලොකු පුතා හම්බවෙලා හිටියේ, බලය වෙනුවෙන් මේ වගේ දේවල් කරන රටක අපි තවදුරටත් ඉන්න ඕනද කියන එක අපිට හිතුනා, ඉතින් අපි තීරණය කළා ලංකාවෙන් යන්න,”

හර්ෂණ දැන් කොහෙද පදිංචි වෙලා ඉන්නේ, ”අපි ඉන්නේ පින්ලන්තයේ, මොකද කරන්නේ කියන එකටනම් අපිට දැම්ම හරි උත්තරයක් දෙන්න බෑ, මොකද අපි මෙහෙට ඇවිත් තාම පොඩි කාලයයි, තාම අපි ගෙවල් අස් කරනවා, තව නීතිමය වැඩ ටිකක් තියෙනවා අපිට විසඳ ගන්න, ඒ වගේම බබාලා ඩේ කෙයා දාන්න ඕන, ඊට පස්සේ තමයි අනිත් දේවල් ගැන අපි හිතන්නේ”

ඒ කියන්නේ හර්ෂණ ආයේ ලංකාවට ඇවිත් රඟපාන්නේ නැද්ද..? ”දැනටනම් මම ආයෙමත් ලංකාවේ නිර්මාණයකට හෝ ආයේ ලංකාවට එන්නවත් අදහසක් නෑ, මම කරපු නිර්මාණ කිහිපයක්ම තියෙනවා, ඒවා ඉදිරියේදී ඒවි, හැබැයි මම ආයේ රඟපාන්නේ නැතිවේවි, මට ආයේ ලංකාවට ඇවිල්ල රඟපාන්න කිසිම ආසාවක් නෑ,”

Related Posts

Leave a Reply

Your email address will not be published.