මේ දවස්වල හැමෝම කතා වෙන්නේ ලංකාවේ වත්මන් තත්වය පිළිබඳව. ඉතින් මෙම ගැටලුකාරී තත්වයත් සමග ලංකාවේ ඉන්න කොටිපතියන් විදේශ ගතවෙන්න පටන් අරගෙන. ඉතින් ඒ විදියට ලංකාවෙන් පිටත්වෙලා ගියපු කෙනෙක් තමයි නිශ්ශංක සේනාධිපති කියන්නේ. ඒ වගේම ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවන්නේත් ඔහුයි. ඒ වගේම මෙම ඇවන්ගාඩ් සිදුවීම පිලිබඳ ලංකාවේ විශාල කතාබහක් ඇතිවුනා. කොහොම වුනත් අපි කතා කරන්න යන්නේ නිශ්ශංක සේනාධිපති පිලිබඳ නෙවෙයි ඔහුගේ ආදරණීය පුතා පිලිබඳ.
නිශ්ශංක සේනාධිපතිගේ ආදරණීය පුතා තමයි සෙනුර. ඉතින් මේ දිනවල පවතින තත්වයත් එක්ක ලංකාවේ වත්මන් ආණ්ඩුව බලයට පත් කරන්න විශාල වෙහෙසක් ගත්ත කෙනෙක් තමයි සේනුරගේ තාත්තා, ඉතින් ඒ නිසා ඔහුටත් මේ වනවිට ජනතා විරෝදය එල්ලවෙමින් පවතිනවා. ඉතින් ඒ පිලිබඳ සෙනුර කිවුවේ මේ වගේ කතාවක්
“අපට හිරිහැර කරන හැම කෙනෙක්ම දන්නවා ඇත්තටම අපි අපේ මවු රටට කිසිම වරදක් කරලා නෑ කියලා. අපි ඕන තරම් මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා, ගොඩක් පරිත්‍යාග කරලා තියෙනවා, ගොඩක් අයට නිවාස හදලා දීලා, කන දීලා තියෙනවා. මේ රට ආරක්ෂා කරලා තියෙනවා. මෙහෙම හිරිහැර කරන එක ඒ දේවල්වලටත් කරන ලැජ්ජාවක්. මිනිස්සුන්ට අපහස කරන්න කලින් හිතලා බලන්න ඒක තමන්ට වුණත් දැනෙන්නේ කොහොමද කියලා. ඇත්තටම මේක හරිම පිළිකුල් සහගතයි.” කියලා. ඉතින් ඇවන්ගාඩ් සමාගමේ සභාපතිගේ පුතා සෙනුරගේ මේ කතාව පිලිබඳ ඔබට හිතෙන්නේ කුමක්ද,