Sat. May 21st, 2022

ලංකා ලෝකයේ ඉන්න හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න කළා පවුලක් තමයි ප්‍රියසාද් පවුල. මේ දිනවල ප්‍රියසාද් පවුල ගොඩක් ජනප්‍රියයි ඒ ජනතා අරගලයට සහය දක්වන්න පාරට බැහැපු නිසා. කොහොම වුනත් මේ පවුලේ ඉන්න බාලම දියණිය තමයි ශනුද්‍රි ප්‍රියසාද් මේ වනවිට ශනුද්‍රිත් මේ වනට ජනතා ව්‍යාපාරයට සම්බන්ද වෙලා. ඒ වගේම ඇය ඇයගේ සමාජ ජාලා ගිණුමේ ප්‍රොපයිල් එකට කළු කොඩියකුත් දාලා ඇයගේ සටන පටන් අරගෙන.

ඉතින් ඇය සමාජ ජාලාවලට අපූරු සටහනකුත් එකතු කරලා තිබ්බා ඒ තමයි ”ඊයේ දවස ගැන හරි සතුටුයි. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ වශයන් පාරට බැස්සේ එකම අරමුනින්. හැමෝම මහන්සි වෙන තරමට ඇත්තටම මේ රටේ වෙනසක් වෙනවනම් මට ඕනෙත් එච්චරයි. මම ආවෙත් ඒ නිසයි. මගේ social media මම පුලුවන් විදියට use කරල මිනිස්සුන්ව මේ දේවල් ගැන දැනුවත් කරනවා. Photos ගත්ත එකම කලාකරුවො අපි නෙමෙයි. ඒ ඕනම දෙයක් මට මගේ social media වල දාන්න අයිතිය තියනවා ඔයාට වගේම. මට ඇත්තටම ඊයෙ හිටිය සෙනග ගැන හරි ආඩම්බරයි. ඒත් මේ වෙන දේවල් වලට අමතරව වෙන අයට ගල් ගහන එකට මම විතරක් නෙමෙයි කවුරුත් අකමැතියි. ඔයාලගෙ අරමුන වෙනස් කරගන්න එපා. අපිට මුකුත් කිව්ව කියල රට වෙනස් වෙන්නෙ නම් නෑ. Stay focussed. මම දාන posts/ stories බලන සමහර අය අපහසුතාවයකට පත් වුනා නම්, සමාවෙන්න. මින්පසු නොබල ඉන්න. මට පුලුවන් උපරිමයෙන් මම රට වෙනුවෙන් පෙනි සිටිනවා” යනුවෙන්.

කොහොම උනත් ලංකාවේ කළා කාරියක් විදියට ඇයත් මේ වනවිට ලංකාවේ බහුතර ජනතාව සමග අත්වැල් බැඳගෙන. ඉතින් ඔබටත් ඇයගේ මේ කතාව පිලිබඳ ඔබට හිතෙන්නේ කුමක්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *