‘අපි දෙන්නම හුදකලාවට ගොඩක් කැමැතියි’ ලංකාවේ කිම් ජානකී කියන කතාව

මිත්‍රතත්වයක් කියන්නේ ගොඩක් දුරට නොබිදෙන බැදිමක්. කලා ලෝකයේද එහෙම මිතුරන් දකින්න පුළුවන්. රංගන ශිල්පිනියක් ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් වන ජානකී විජේරත්න සහා සංගිත ලෝකයේ සමිතා මුදුන්කොටුව කියන්නේ එහෙම අඹ යාළුවෝ දෙන්නෙක්. ඉතින් මේ අඹ යාළුකම ගැන කතා කරන්න අපි එක්ක එකතු වුනා ජානකි විජේරත්න. මුලින්ම මේ යාළුවකසේ ආරම්භ ගැන කතා කරන්න අපි හිතුවා. “ඇත්තටම සමිතා මම දුරින නෑයෝ වෙනවා. හැබැයි ලොකුවට අපි අතරේ නෑකමක් පැවතුනේ නෑ. අපි යාළුවෝ විදිහට ආශ්‍රය කරන්න ගන්නේ අවුරුදු 15-16 කට කලින් වගේ. ඒ කාලය ඇතුලේ අපිටම හිතුනා අපේ අදහස්, අපේ සිතුම් පැතුම් හැමදේම එක වගේ කියලා.ඒ වගේම අපේ තේරුම් ගැනිමත් එක වගේ කියලා අපිට දැනුනා.”

සමිතා ඔබට කොයි විදහට දැනුන යාළුවෙක් ද? “සමිතාගේ මම දකින හොදම ගුණාංගය තමයි එයා ලෝකේට ප්‍රශ්න නොපෙන්වා හිනා වෙන එක. මමනම් ජිවිතේට ප්‍රශ්නයක් ආවහම විදවනවා අඩනවා තැවෙනවා. හැබැයි සමිතා කියන්නේ ඇත්තටම ශක්තිමත් ගැහැණියක්. ඒ දේ කාන්තාවක් සතු වටිනාම ගුණයක් විදිහටයි මම දකින්නේ. සමිතා මගේ කැමතිම ගුණාංගය විදිහට කියන්නේ මම ජිම් ගිහින් ඇග ගානට තියාගන්න එකට. මම ආහාර වුනත් පාලනය කරනවා. අනික සමිතා කියන්නේ රටක් දන්න අදුරන ආදරේ කරන ගායිකාවක්. අනුකරණය කියන දේත් එයාට හොදට පුළුවන්. අපි දෙන්නම හුදකලාවට ආසයි. හැබැයි මට සමිතා ලග ඉන්නකොට පාලුවක් තනිකමක් කවදාවත් දැනෙන්නේ නෑ”

සමිතාගේ දුර්වලතාවය ඔබ දකින, “ඇත්තටම සමිතා එයා ගැන හිතන්නේ නෑ. එයාගේ සෞඛ්‍ය ගැන ඇය ඇත්තටම හිතනවා අඩුයි. යාළුකම වැඩිවෙලා සමහර වෙලාවට අපි තරහ වෙලත් ඉන්නවා. ජිවිතේ කවදාවත් අපි අතරේ ලොකු අමනාපකම් ඇති වෙලා නෑ.”

තව දුරටත් ජානකී සමිතා ගැන කිවේ මේ වගේ අදහසක්, “මම ඇත්තටම කැමතියි සමිතා මට උපදෙස් දෙනවට. අපේ ජිවිත ඇතුලේ රහස් නෑ. එයාගේ මගේ ජිවිත කතා වල හැමදෙයක්ම අපි දන්නවා. මම දැකපු හොදම අම්මා කෙනෙක් තමයි සමිතා කියන්නේ. මම හැම වෙලාවකම ප්‍රාර්ථනා කරනවා එයාට දුකක් නැතුව සතුටින් ඉන්න ලැබෙන්න කියලා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *