Tue. May 17th, 2022

අපේ රටේ ඉන්න අතිශය ජනප්‍රිය නව පරපුරේ ගායකයෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ. ‘ඉරණම ගමනේ’, ‘මා ගාවින්’, ‘මීවිට පිරුනා’ වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් ගායනා කල දිනේෂ් මෑත කාලයේ ගායනා කල ‘මා නුඹට පෙම් කලේ’ ගීතයත් ලාංකේය ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වුනා, ඒ වගේම දිනේෂ් තරංග හැමෝම අතර වැඩිපුරම ජනප්‍රිය වුනේ ඔහුගේ විවාහය නිසා. එහෙම වෙන්න ප්‍රධාම හේතුව තමයි දිනේෂ් විවාහ වෙන්නේ ඔහුට වඩා තරමක් වයසින් වැඩි කාන්තාවක් සමග.

දිනේශ්නම් කියන්නේ එයාගේ ආදරේට වයස බාදාවක් නෙවෙයි කියලා, ඒ වගේම මේ දෙන්නා හරිම අපූරු අවුරුදු සුබ පැතුමක් මුහුණු පොතට එකතු කරලා තිබ්බා ඒ තමයි ”ජීවිතයේ අභියෝග,අමාරුකම්කි යන්නේ අපි දෙන්නටත්, අපේ දරුවන්ටත්, ඔයාටලටත් අලුත් දෙයක් නෙමෙයි. අරගලයක් ඇති තැන හිස් අහස යටත් අපේ මිනිස්සු කිරි ඉතිරුවා. කිරිබත් කෑල්ලක් කෑවා. ඒ කියන්නේ අපි තාමත් ඉස්සර වගේම හුස්ම ගන්නවා අහිංසක බලාපොරොත්තු එක්ක, අපේ දේවල් වලට අතලොස්සක් දෙනා ගිනි තියලා දැමත් ඉතින් පතනවා. හදවතින්ම. ඒ ආසාවල්, බලාපොරොත්තු, පැතුම්, ඉටුවන සුභදායි නව වසරක් ඔයාල හැමෝටම ලැබෙන්න” කියලා.

ඒ වගේම දිනේෂ් කියන්නේ ගොඩක් ආදරණීය සැමියෙක්, දිනේෂ් කිසිම වෙලාවක ඔහුගේ බිරිඳ මගහැර ගන්නේ නෑ කියලයි ඇය අපි සමග කිවුවේ, ඒ වගේම සමාජ ජාලාවල දිනේෂ් සහ ඔහුගේ බිරිඳ පිලිබඳ විවිද කතා පළවුනත් ඒ කිසිම දෙයක් තමන්ගේ ජීවතයට අදාළ කරගන්නේ නැතුව ගොඩක් සුන්දර ජීවිතයක් ගත කරනවා. ඉතින් දිනේෂ්ගේ සුන්දර කැදැල්ල තමයි මේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *