Tue. May 17th, 2022

රංගන ක්‍ෂේත්‍රයේ නමක් දිනාගෙන ඉන්න චරිතාංග රංගන ශිල්පිනියක් තමයි උදයන්ති කුලතුංග කියන්නේ. කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක් වුන උදයන්ති විවාහයෙන් පසුව කළා ලෝකයේ වැඩිය දකින්න ලැබුනේ නෑ, කොහොම වුත් ලාංකේය ප්‍රේක්ෂකයන්ට උදන්ති කියන්නේ අමරණීය චරිතයක්, ඒ තරමටම බොහොමයක් දෙනා ඇයගේ රංගනයට වශීවෙලා ඉන්නේ, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ කාලයක් කළා ලෝකය තුල නිතරම දැකපු මේ වනවිට වැඩිය පෙන්න නැති උදයන්ති කුලතුංග සමග.

උදයන්ති පහුගිය කාලය පිලිබඳ මොකද හිතෙන්නේ ”ගෙවුන කාලය පිලිබඳ මම වැඩිය හිතන්නේ නැ, ජීවිතේ හොඳ තැන් තිබ්බා නරක තැන් තිබ්බා ඒ හැමදේටම මුහුණ දීලා ගලාගෙන ආවා. වෘතීය ජීවිතේ ගැන කියනවනම් කලින් මම චරිත තෝරාගැනීම් කලේ හොඳට හොයලා බලලා හැබැයි පහුගිය කාලයේ එහෙම කලේ නෑ, මොකද එහෙම තෝරා ගැනීමක් කරපු සියළු දෙනාට සිද්ධ වුණේ රංගනය අතර මඟ නතර කරන්න ඉතින් ඒ නිසා මම චරිත තෝරනඑක නතර කළා.”

උදයන්තිගේ වෘත්තීය රංගනයද ”මෙහෙමයි මගේ මූලික රැකියාව තමයි රංගනය, ඇත්තටම මම රංගනයට අමතරව වෙන් රැකියාවක් කරලා නෑ, අවුරුදු පහලවක් දාසයක්ම හිටියේ මේ ක්‍ෂේත්‍රයේ ඒ නිසා මට වෙන රැකියාවක් කරන්න වස්තාවක් ලැබුනේ නෑ, හැබැයි මම පුංචි ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ඉන්නවා, බලමු තව ටික දවසකින් ඒ ගැන”

විවාහය ගැන සහ දැන් බිහිවෙන නිර්මාණ පිලිබඳ මොකද හිතෙන්නේ, ”විවාහය ගැන කියනවනම් මම විවාහ වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි, ඒත් මගේ සැමියා ලැබුනම ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස්වුනා. එයා මට ගොඩක් ආදරෙයි මමත් එහෙමයි සමහර වෙලාවට හිතෙනවා ඇයි එයා මට කලින් මුණ ගැහුනේ නැත්තේ කියල. දැන් බිහිවෙන නිර්මාණ ගැන කියනවනම් කියන්න තියෙන්නේ අපි ඇස විතරක් පිනවන්න හොඳ නෑ, ලස්සන කෙල්ලෝ කොල්ලෝ ටිකක් දාගෙන එයාලට රඟපාන්න පුලුවන්ද බැරිද දන්නෙත් නෑ පෙනුම විතරයි ඔහේ දෙබස් කියනවා, එහෙම බෑ නිර්මාණය මනසට දැනෙන්න ඕන එකම තැන එකම නළු නිලියෝ යොදාගෙන පාට වැඩියෙන් කරන හරයක් රහිත නිර්මාණ වලට වඩා හොඳ තේමාවක් යටතේ කළු සුදු හරි කමක් නෑ හරවත් විදියට කරනවනම්. මම යෝජනා කරනවා සබන් බෝල වගේ නිර්මාණ කරන අයට මනසිනුත් රසවිඳින්න පුලුවන් නිර්මාණ කරන්න උත්සහ කරන්න කියලා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *