අපිට ඕන පොලවේ පයගහලා ඉන්න නායකයන් පිරිසක් – නලීන් ප්‍රදීප්

ලංකාවේ ටෙලිනාට්‍ය කලාව අලුත්ම මානයකට අරගෙන ගියපු විකාශනය වුන හැම කොටසක්ම නැරඹුම් වාර මිලියනය පහුකරපු ලස්සන ටෙලිනාට්‍යක් තමයි ‘නාඩගම්කාරයෝ’ කියන්නේ. කොහොම වුනත් මේ වනවිට නාඩගම් කාරයෝ ටෙලිනාට්‍ය විකාශනය අවසන් දැන් එම වෙලාවට විකාශනය වෙන්නේ අලුත්ම නාට්‍යක් ඒ තමයි ‘කෝලම් කුට්ටම’ මේ වනවිට එම නාට්‍යත් නාඩගම් කාරයෝ ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රියයි, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ කෝලම් කුටටම නාට්‍යයේ ප්‍රධාන චරිතයකට පන පොවන සම්මානනීය රංගන ශිල්පියෙක් වන නලීන් ප්‍රදීප් උඩුවෙල සමග

කාලයකට පස්සේ නේද ඔබතුමා නැවත රංගනයට සම්බන්ද වෙලා ඉන්නේ ”ඔව් කාලෙකට පස්සේ මොකද පසුගිය කාලයේ පැවැත්වුන තත්වය එක්ක හැමෝටම වැඩ අඩු වුනා. ඉතින් අපිටත් ඒක ඒ විදියටම බලපෑවා, ඒ සිදුවීම් වලින් පස්සේ හරියට වේදිකාව ප්‍රේක්ෂකයන් වෙත විවර වුනේ නෑ, නමුත් ඒ කාලයේ මම විකාශනය වෙමින් තිබ්බ නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුනා වැඩ නොකරම හිටියේ නෑ හැබැයි වැඩ අඩුයි ඒ කාලයේ”

ඔබතුමාට හිතෙන විදියට මේ රටට මොන වගේ දේශපාලනයක්ද අවශ්‍ය ”මම කියන්නේ ප්‍රජාව නැත්නම් මහජනතාව තමයි තීරණ තීන්දු ගන්නේ, රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ නිවැරදි නායකයන් තෝරා පත්කරගෙන ඒ නිවැරදි පුද්ගලයන් හරහා සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ නීති සම්පාධනය කිරීම කරන්න ඕන. ඒ වගේම තමයි අනාගත පරම්පරාවට මේ රට වඩා සුදුසු තැනක් කරන්න ඕන, දැන් රටට අවශ්‍ය උගත් වැදගත් රටට වැඩක් කරන්න කරන්න පුළුවන් පොලවේ පයගහලා ඉන්න පිරිසක්”

Related Posts

Leave a Reply

Your email address will not be published.