Tue. May 17th, 2022

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියන්නේ, තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් ගොඩක් සාර්ථක විදියට ඉදිරිපත්කරන්න පුළුවන් අපූරු හැකියාවක් උමාලිට තියෙනවා. පසුගිය කාලයේ නිහඬව හිටපු උමාලි මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාෂනයවන ‘පිතෘ’ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා තියෙනවා.

ඒ වගේම උමාලිගේ විවාහය නිසාත් ඇය පිලිබඳ සමාජ ජාලාවල විශාල වශයෙන් කතාවෙන්න පටන්ගත්තා, මොකද උමාලි විවාහ වෙන්නේ ජනප්‍රිය නළුවෙක් වන සාරංග දිසාසේකර සමග ඒ 2014 වසරේදී කොහොම වුනත් මේ විවාහය සාර්ථක වෙන්නේ නෑ, ඉතින් උමාලි සහ සාරංග 2018 වසරේදී දික්කසාද වෙනවා. ඉන්පසු සාරංග තවත් ජනප්‍රිය රංගන ශිල්පිනියක වන දිනක්ෂි ප්‍රියසාද් සමග විවාහ වෙනවා,

හැබැයි අපි මේ කතා කරන්න සම්බන්ද වෙන්නේ උමාලිගේ පුද්ගලික ජීවිතය ගැන නෙවෙයි, ඇය මේ දවස්වල රටේ පවතින තත්වය පිලිබඳ තැබු අපූරු සටහනක් පිළිබඳව ඒ තමයි ” මේ ඉන්න එකම එක පක්ෂයක්වත් නියෝජනයක්වත් නොමැති දවසක්.! මෙතෙක් කල් නොසිටි , බලයට කෑදර නැති , අල්ලස් දූෂණ වංචාවට එරෙහි , රටට මිනිස්සුන්ට ගහ කොලට සතා සිවුපාවට මේ මහපොළොවට ආදරේ ඇති නායකත්වයක් හා අවංකව වැඩ කරන කාලකන්නි නොවන ආණ්ඩුවක් හා ජනතාවක් මේ රටට අවශ්‍යයි. මේ පක්ෂ පාට හැම එකක්ම අලුත්ම අලුත් වෙන්න ඕන. නැත්නම් අපි එකම තැන මල්ලි. රට හදනත් මේ එකමුතුකමම අපිට ඕනෙ. තවත් දෙයක්. ණය අරන් අරන් මේ අහස මුහුද වන රාජ්‍යයට ලියවෙන්න දෙන්නත් බෑ. පොඩි කඩයක් ඩේටා කාඩ් එකක් ගත්තම රු.100න් ඉතුරු රුපියල නොදී ටොපියක් දෙන තැනත් තියෙන්නේ දූෂනය , වංචාව, මානසික අල්ලස. ඒ ටොපි කන කාලෙ අද ඉඳන් ඉවර කරන්න අපි වගබලාගන්න ඕනෙ. ජය !” කියලා,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *