‘අප්පච්චි එපා කියද්දී තමයි මම නිලියක් වුනේ’ ජනප්‍රිය නිලි කිත්මි කියන කතාව

කාලෙන් කාලේට යොවුන් තරුණ රංගන ශිල්පින් කලාවට සම්බන්ධ වෙනවා. කොළඹ ඉතාලිය ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය ද නවක රංගන ශිල්පිනියක්. ඇය නමින් කිත්මි මුතුමැණිකේ. ඇය බොහෝ සුන්දර රුවැති තරුණියක්. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්නයි. ඔබ කොහොමද කලාවට පිවිසෙන්නේ, ”පුංචි කාලේ ඉදන්ම නර්තනය කියන දෙයට කැමති කෙනෙක් මම. මට ඕන වුණේ කවදහරි දවසක නර්තන ශිල්පිනියක් වෙන්න. රඟපාන්න නම් ලොකු ආසාවක් ඒ කාලේ තිබුණේ නැහැ.

චන්දන සර්ගේ පන්තියට මම සහභාගී වුනා. මගේ ජීවිතය වෙනස් කරපු තැන තමයි චන්දන සර්ගේ පන්තිය. ඒ රංගායතනයේ ඉගෙන ගනිද්දි විවිධ නිර්මාණවලට නර්තනයෙන් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනවා. අන්න එහෙම සම්බන්ධ වෙද්දි තමයි මට රඟපාන්න ආසාවක් ඇති වුනේ. ආසාව තිබුණට මට එකපාර රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.”

කිත්මි කොහොමද රඟපාන්න පාර හදා ගත්තේ, ”මුලින්ම මම රංගනය පිළිබඳ ඉගෙන ගන්න ඕනේ කියලා හිතුවා. ඒ නිසාම මහේන්ද්‍ර සර්ගෙ රංගායතනය ට සම්බන්ධ වුණා. මම ටික ටික රංගනය ගැන ඉගෙන ගන්න පටන් ගත්තා. ඒ අතරෙ තමයි මට සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. රඟපාන්න ආසාව තිබුණට කැමරාව ඉස්සරහට යනකොට නම් ලොකු බයක් දැණුනා. එදා තමයි මම තේරුම් ගත්තේ රඟපානවා කියන එක ලේසි දෙයක් නෙවෙයි කියලා.”

ප්‍රවින අයගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද, ”ඇත්තටම මට මුලින්ම බය හිතුනා මම අලුත් නිසා මට කවුරුත් උදව් කරන එකක් නැහැ කියලා. වැරදියට රඟපෑවත් මට බනියි කියලා හිතුනා. ඔය විදිහට එක එක සිතුවිලි එන්න ගත්තා. හැබැයි මට හැමෝම උදව් කරන්න ගද්දි මට හිතුනා මම හිතපු දේ වැරදියි කියලා. කිසිම තැනක මම කොන් වුණේ නැහැ. මගේ චරිතයේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න එයාලා මට ගොඩක් උදව් කළා. මගේ චරිතය සාර්ථක කරගන්න එයාලා ඇත්තටම මට උදව් කලා.”

ඔබේ ගමනට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද, ”මගේ.අප්පච්චි මම රංගනයට එනවට කොහෙත්ම කැමති වුණේ නැහැ. මගේ විරෝධතාවය මැද තමයි මම රංගනයට එන්නේ. හැබැයි මගේ අම්මාගෙන් ලොකු සහයෝගයක් මට ලැබුණා රංගනයට. ඉස්සර වගේ අප්පච්චි මම රංගනයට එනවට වැඩි විරෝධයක් දක්වන්නෙ නැහැ දැන්.”

කිත්මිගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද, ”බලාපොරොත්තු ගොඩක් තියාගෙන තමයි මම ජීවිතේ ඉස්සරහට යන්නේ, දැනට සෞන්දර්ය විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාලය පළමු වසරේ නර්තනවේදී උපාධිය හදාරනවා මම.නර්ථය කියන්නේ මගේ ජීවිතේ කිව්වොත් හරි. වෙලාව ලැබෙන විදිහට රංගනයට සම්බන්ධ වෙන්නත් මම බලාපොරොත්තු වෙනවා, මම ආසයි සිනමාව ගැන ඉගෙන ගන්නත්. පොඩි කාලේ ද මං ආස කරා වේදිකා නාට්‍යයක් කරන්න. එකේ වැඩ කටයුතුත් කරගෙන යනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *