Tue. May 17th, 2022

කළා ලෝකයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ. 1973 වසරේ උපන් සේමිණීට මේ වනවිට වයස අවුරුදු 48ක්. ‘සුදු හංසි’ ‘යකඩ පිහාටු’ ‘සිනහව අතරින්’ වැනි අතිශය ජනප්‍රිය සිනාමාපට ඇතුළුව සිනමාපට 20කට අධික සිය රංගන දායකත්වය ලබා දුන් ඇය විවිද කළා නිර්මාණ රැසක් හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත්වුනා.

සේමිණී කියන්නේ නිතර නිතර දකින්න ලැබෙන රංගන ශිල්පිනියක් නෙවෙයි ඇත්තටම සේමිණී කියන්නේ රංගන ශිල්පිනියක් නෙවෙයි නේද..? ” ඇත්තම කියනවම් ඒක ඇත්ත අපේ රටේ රඟපාලා විතරක් ජීවත්වෙන්න බෑ නේ මේ තත්වයත් එක්ක. මට කම්පැනි එකක් තියෙනවා. ඉතින් ඒ ව්‍යාපාරයෙන් මිස රඟපෑමෙන් ජීවත් වෙන්න අදහසක් නෑ. ඉතින් මම ඒ වගකීම් එක්ක මගේ දුවවත් බලාගෙන ඉන්නවා.” කියලයි.

මේ දිනවල ලංකාවේ විවිද ප්‍රදේශ වලට විදුලිය විසන්දිකිරීම් සිදුවෙනවා., ඉතින් ඒ පිලිබඳ සේමිණී මුහුනුපොතේ අපුරු සටහනක් එකතු කරලා තිබ්බා ඒ තමයි ‘අඳුරට ශාප නොකර අපි සතුටීම්’ කියලා, ඒ වගේම සේමිණී ඇයගේ පවුලේ අය සමග අඳුරේ ඉටිපන්දම් පත්තු කරමින් විනෝදෙන් ඉන්න පින්තූර කිහිපයකුත් සමාජ ජාලාවලට එකතු කරලා තුබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *