Tue. May 17th, 2022

පියුමි හංසමාලි කියන්නේ සුන්දර රූ සපුවකට හිමිකම් කියන සුන්දර යුවතියක්. ඇය කාලෙන් කාලෙට බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන්නේ විවිධ හේතු කාරණා මත. ඉතින් අපි හිතුවා ඇයත් සමඟ කතා කරන්න. පියුමි කියන්නේ නිරූපිකාවක් වෙද්දි පුංචි කාලේ ඉදන්ම ඔබ ආස කළාද නිරූපිකාවක් වෙන්න, පාසල් යන කාලේ මම ආස කළේ ගුවන් සේවිකාවක් වෙන්න. හැබැයි ඒකට හොද ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕන නිසාම මගේ හිනය අතරමගදී නැති වුණා. හැබැයි මගේ x හස්බන්ඩ් බෙස්ට් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ් කියන තරගයට අයදුම් කරලා මාව එක්කගෙන ගියා. ඒ තමා මගේ ජීවිතේ පළවෙනි අත්දැකීම. එදා මට කිසි දෙයක් තේරුනේ නැහැ. හැබැයි මම හිමින් හිමින් හැමදේම ඉගෙන ගත්තා. එදා තරගයෙන් මට ජයග්‍රහණය නොලැබුනත් පස්සේ තරගවලින් මම ජයග්‍රහණය කළා.

ඔබ ජීවිතය ආපස්සට හැරිලා බැලුවොත් ඔබට සතුටුයිද ඔබගමන ගැන, මම කිසිම දෙයක් ගැන පසුතැවිලි වන කෙනෙක් නෙවෙයි. මේ තමා මගේ දෛවය. මට දැන් පුතෙක් ඉන්නවා. මම ජීවිතයේ සමහර තැන් වලදි මෝඩ තීරණ අරගෙන තියෙනවා මගේ වයසත් එක්ක. හැබැයි දැන් මට අත්දැකීම් තියෙනවා. ඒ නිසා මම දෙයක් කරන්න කලින් දෙපාරක් නෙමේ සිය දහස් වාරයක් හිතනවා. කාගෙන් හරි උපදෙස් ගන්නවා. ඉස්සර මම තනි තීරණයට වැඩ කරපු කෙනෙක්. හැබැයි දැන් එහෙම නෙවෙයි. මම ආයෙම එහෙම කරන්නෙත් නැහැ.

ඔබේ රංගන හැකියාව ගැන කතා කලොත්, මම රංගනය කියන දේ පැත්තෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් නෙවෙයි. මම ටෙලි නාට්‍ය දෙකකට චිත්‍රපට දෙකකට වගේ සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව මියුසික් වීඩියෝ වලට ඉන්නවා. ඒ තමා මගේ රංගන හැකියාවෙන් මම යන ගමන.

ඔබ ගැන සමාජ මාධ්‍ය පළවෙන කතා ගැන ඔබ මොකද හිතන්නේ, කෙලින්ම කියනවනම් ලංකාවෙ මිනිස්සු හරි කුහකයි. තව කෙනෙක් ලස්සනට ඇඳලා කරලා පාරේ යනවට යන කැමති නැහැ. මේක ලංකාවේ මිනිස්සුන්ගේ විදිහ. මම මේ ගැන හොඳටම දැන ගත්තේ නිරෝදායනය වන කාලයේ. සමහර කමෙන්ට් තියෙනවා ඇත්තටම මිනිසුන් විදිහට කලකිරෙනවා. මම බොහොම සාමාන්‍ය දුප්පත් පවුලක ඉපදුන කෙල්ලෙක්. හැබැයි මම හැම දේකම අත්දැකීම් ලබාගෙන ඉන්නේ. ඒ නිසාම කටකතා ගැන මම වැඩේ හිතන්නේ නැහැ.

ඔබේ, පුතාගේ අතර තියෙන බැඳීම කොයි වගේද, මම මට පුළුවන් උපරිම මගේ පුතාට සලකනවා. මගේ පුතා දන්නවා මම ළඟ සල්ලි තියෙනවද නැද්ද කියලා. සල්ලි තියෙන දවසට එයා අරක මේක ඉල්ලුවාට මම ළඟ සල්ලි නැත්නම් එයා කිසි දෙයක් ඉල්ලන කෙනෙක් නෙවෙයි. මම මගේ පුතා වත් බලාගෙන මගේ අම්මවත් බලාගෙන ජීවිතේ විඳවන්නේ නැතුව විඳිනවා. ඒ විදිහට ජීවත් වෙන මට මිනිසුන් බනින්නේ ඇයි කියලා මම තවමත් දන්නේ නැහැ. මම කොහොමත් මගේ පුතාගේ අනාගතය ගැන හිතලා තමයි ඉදිරියට වැඩ කරන්නේ. සමහරවිට අපි විදේශ ගත වෙයි. ඒ පුතාගේ අධ්‍යාපන කටයුතුවලට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *