Sat. Jun 25th, 2022

කාලයක් ලංකාවේ අතිශය ජනප්‍රිය වුන ටෙලිනාට්‍යක් තමයි ‘අමා’ කියන්නේ ඉතින් මෙම ටෙලිනාට්‍යයේ ප්‍රදාන චරිතයට පන පෙව්වේ ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක් ඇය ෂෙරිල් ඩෙකර්, කොහොම වුනත් දැන් ඇය වැඩිය දකින්න නෑ, ෂෙරිල් විවාහ වෙන්නේ ජනප්‍රිය ගායකයෙක් වන රුවන් හෙට්ටිආරච්චි සමග, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ හැමෝම ගොඩක් ආදරේ කරන ෂෙරිල් සමග,

ෂෙරිල් ඔයා ගොඩක් ලස්සන කාන්තාවක් ඉතින් ඔබ හිතන විදියට කාන්තාවකට ලස්සන කොච්චර වැදගත්ද ? ”ලස්සන කියන දේ ගොඩක්ම වැදගත් දෙයක් විදියටයි මම දකින්නේ, ඒක කාන්තාවට පමණක් නෙවෙයි පිරිමින්ටත් එහෙමයි, තරුනියකව ඉන්න කාලේ වගේම මවක් උනාමත් කාන්තාව ලස්සනට ඉන්න ඕන, කාන්තාවකට ලස්සන කියන්නේ ශක්තියක්, හැබැයි කොච්චර ආලේපන ගෑවත් හදවත ලස්සන නැත්නම් ඒ බාහිර ලස්සනෙන් වැඩක් වෙන්නේ නෑ”

ෂෙරිල් ඇයි දැන්ව වැඩිය පේන්න නැත්තේ ”මෙහෙමයි මම දැන් විවාහක කෙනෙක් මට කලාව වෙනුවන් වැයකරන්න තියෙන කාලය ගොඩක් අඩුයි, මොකද මම මගේ පවුල වෙනුවෙන් කාලය වැයකරන්න ඕන, රුවන් ගැන බලන්න ඕන ගෙදර ගැන බලන්න ඕන වැඩ ගොඩයි, කලාවට මම ගොඩක් ආදරෙයි හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුනොත් බාරගෙන කරනවා, නිර්මාණ හොයාගෙන පස්සෙන් යන්නේ නෑ”

දැන් රුවන් ෂෙරිල් දෙන්නා තුන්දෙනා වෙන්න කාලේ හරි නේද විවාහ වෙලා වසර 9ක් වෙනවා නේ, ” ඔව් දැන් විවාහ වෙලා වසර නවයක් වෙනවා, ඒත් ඉතින් ඒක අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නිවැරදි කාලේ ආවම දිවියන් වහන්සේ ඒ දේවල් අපිට දෙවි කියලා හිතනවා, අම්මා කෙනෙක් වෙන්න මම ගොඩක් ආසයි, ඉතින් ඒ අහිංසක බලාපොරොත්තුව ඉක්මටම ඉෂ්ටවේවි කියලා මමයි රුවනුයි දෙන්නම බලාගෙන ඉන්නවා,”