‘අනේ කවුරුත් මට ආදර යෝජනා ගේන්නේ නෑ’ ජනප්‍රිය නිලි ගංගු කියන කතාව

මෝස්තර නිරූපිකාවක් විදිහට කලාවට පිවිසෙන ඇය මේ වන විට දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය කෙතරම් දක්ෂ ක්ෂේත්‍රය තුළ නම් ඇයට තිබෙන්නේ කැපිලි කෙටිලි පමණයි. නමින් ගංගු රොෂානා. දිගුකාලයකට පසු ‘නිම්හිම්’ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන ඇය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. අවුරුදු ගානකට පසු නැවතත් ප්‍රේක්ෂකයන් අතරට එන ඇය මින් පෙර සහභාගි නොවු චරිතයකින් තමයි ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණේනේ. දමිළ තරුණියකගේ චරිතයක් රඟපාන ඇය ප්‍රේක්ෂකයන් විසින් වෙනස්ම විදිහට භාරගන්න බවට විස්වාස කරන බවයි ඇය පැවසුවේ.

නිරූපණ ක්ෂේත්‍රයේ පවා ඔබව දකින්න ලැබෙන්නේ අඩුවෙන් ඒ ඇයි, ”මම ඉස්සර මොඩ්ලින් කලා. හැබැයි මම දැන් මුලික තැන දිලා තියෙන්නේ රංගනයට. මම අවුරුදු ගානක ඉදන් මොඩ්ලින් වලින් අයින් වෙලා ඉන්නේ. මොකද රඟපානවා කියන දේට මං ගොඩක් ආසයි. මම සම්බන්ධ වන මේ නිර්මාණය ද ප්‍රේක්ෂකයින් මාව වෙනස් විදිහට බාර ගනීවි කියලා හිතන්නේ ඒ නිසා. මොකද මම රඟපානවා කියන එක දැන් උපරිම කරන නිසා.”

අපේ රංගනයේ වුණත් නිතරම දකින්න නොලැබෙන චරිතයක් නේද, ”එහෙම දෙයක් නම් නැහැ. මට ලැබෙන අවස්ථාව තමයි ඒක තීරණය වෙන්නේ. අවුරුද්දට එක නිර්මාණයකට වගේ මම කොහොමත් සම්බන්ධ වෙනවා. වේදිකාව රූපවාහිනිය හඬ කැවීම් ආදී ක්ෂේත්‍රවලට මම මගේ දායකත්වය ලබා දෙනවා. කිසිම දෙයක් නොකර ඉන්නේ නැහැ මම. ප්‍රේක්ෂකයින් මම ගැන ආයෙත් කතා කරන්නේ මේ චිත්‍රපටය නිසා. එහෙම හරි ප්‍රේක්ෂකයින් මම ගැන කතා කරන එක ගැන මම සතුටු වෙනවා.”

ක්ෂේත්‍රය තුළ අයුතු යෝජනා එහෙම ඇවිල්ලා නැද්ද, ”නෑ කියලා කිව්වොත් බොරු. එහෙම යෝජනා ඇවිල්ලා තියනවා. කවුරු වුනත් දන්නවා ඒ වගේ යෝජනා මේ ක්ෂේත්‍රය තුළ තියෙනවා කියලා. සමහරු වෙන වෙන දේවල් ඉල්ලනවා. අද වෙද්දි ඒ දේවල් වැඩිවෙලා තියෙනවා. සමහර වෙලාවට මම මේ වගේ යෝජනා වලට අකමැති වුනහම නිර්මාණ වලට මාව ගන්න එපා කියලා බලපෑම් එල්ල වෙනවා. හැබැයි මගේ හැකියාවට තැන දෙන අධ්‍යක්ෂවරු සුළු පිරිසක් හරි ඉන්නවා. ඒ ගැන මට සතුටුයි. සමහරු හිතන දේවල් ඉෂ්ට කරගන්න බැරි නිසා වෙන්නත් පුළුවන් මට ගොඩක් අවස්ථා නොලැබෙන්නේ. ඒක මට විතරක් නෙවෙයි. ගොඩක් අයට අද මුහුණ පාන්න සිදු වෙන දෙයක් විදිහට තමයි සලකන්න වෙන්නේ.”

කලා ක්ෂේත්‍රයෙන් ආදරය යෝජනා එහෙම ලැබෙනවද, ”ඇත්තටම එහෙම නෑ මට කවුරුත් ආදර යෝජනා ගේන්නේ නෑ. ඒ ඇයි කියන්න මම දන්නේ නෑ. සමහර විට මාව දැක්කහම කාටවත් ආද⁣ර යෝජනා ගේන්න හිතෙන්නේ නැතුව ඇති. නිකමට යාළුවෙන්වත් අහන්නේ නෑ මගෙන් කවුරුවත්. ව්‍යාපාරික අයනම් මැසෙජ් කරනවා. ඒකත් බොහොම අඩුවෙන්. මට පුදුමයි. මොකද මට වදයක් වෙන මනුස්සයෝ නෑ ඇත්තටම. සමහර විට ඒකට හේතුව මම වැඩිපුර කවුරුත් අතරේවත් දකින්න නැති නිසා වෙන්න ඇති. මාව දකිනකොට ඕනිම කෙනෙකුට මාව වෙනස් කෙනෙක්. ඔය වගේ දේවල් නිසා වෙන්න ඇති මට ආදර යෝජනා අඩුවෙන් ලැබෙන්නේ.”

දිගටම තනිකඩව ඉන්නද බලාපොරොත්තුව, ”මට පුළුවන් කාලයක් තනියම ඉන්නවා. හැමදාම තනියම ඉන්න පුළුවන් වුනොත් හැමදාටම තනියම ඉන්නවා. විවාහ වෙන්න විවාහ නොව් ඉන්න මේ තිරණ දෙකෙන් එකක්වත් අරගෙන නෑ මම. මම හැමවෙලාවකම කල්පනා කරන්නේ මම විවාහ ජිවිතේ ගත කරන්න පුළුවන් ද කියලා. මොකද ඒක ලොකු වගකිමක්. ඒක ⁣සංකිර්ණ දෙයක් ව්දිහට දැනෙද්දි මට හිතෙන්නේ මට ඒක බෑ කියලා. ඒ නිසා මම තනියම ඉන්න එක හොදයි කියලා හිතනවා.”

කලාවෙන් අයින් වෙන්න අදහසක් තියෙනවද, ”කොහෙත්ම ඒ වගේ අදහසක් නෑ. කොරෝනා නිසා ආර්ථික අතින් ශක්තිමත් වෙන්නවෙනත් මාර්ග වලට යොමු වුනත් කලාව කියන දේ අතාරිනවා කියන තැනට මම ඇවිත් නෑ. මම මේ රට අතහැරලා යන්නෙත් නෑ. හැබැයි දවසක මට බාහිර බලපෑම් වැඩි වුනොත් එදාට මම හොදට හිතලා බලලා තිරණයක් ගනිවි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *