අනේ එහෙම කියද්දී මට ලැජ්ජයි – රයිනි චාරුකා ගුණතිලක

අපි ගොඩක් ආදරේ කරන ජනප්‍රිය ගායක යුවලක් වන රූකාන්ත ගුණතිලක මහත්මයාගේ සහ චන්ද්‍රලේකා පෙරේරාගේ ආදරණීය වැඩිමහල් දියණිය තමයි රයිනි චාරුකා ගුණතිලක කියන්නේ, කුඩා කාලයේ පටන්ම ගායනයට දක්ෂතා පෙන්වූ ඇය මේ වනවිට ලංකාවම දන්නා ආදරණීය ගායිකාවක්. ලාංකේය ගායන ක්‍ෂේත්‍රයට නොමැකෙන මතක රැසක් එකතුකළ රයිනි සමගයි අද අපේ මේ කතාබහ, ඉතින් රයිනි කොහොමද මේ දවසල ජීවිතේ ”මට ඉතින් හැම දවසක්ම විශේෂයි ඉතින් හැමදාම සතුටින් සැහැල්ලුවෙන් ආදරණීය විදියට ඉන්නවා”

අපි නිතරම දකිනවා රයිනි ඔයා කරන්නේ හැමෝගෙම අවධානය ලැබෙන විදියේ විලාසිතා ඉතින් එහෙම වෙන්න හේතුව මොකද්ද..? ” මම හරිම ආසයි මට ගැලපෙන විදියට ඇඳුම් අඳින්න, විලාසිතා කරන්නේ, මම මට ගැලපෙනවා කියලා හිතෙන ඕනෑම විලාසිතාවක් කරනවා, මම දිහා බලන අය මම ගැන කියන්නේ මොනවද මාව කොයිවිදියට දකීවිද කියන එක මට අදාළ නෑ, අනිත් අනිත් කාරණය තමයි ඒ අය කියන දේවල් මම කවදාවත් හිතට ගන්නේ නෑ, ඒ දේවල් මට අදාලම නැ, මම විලාසිතා කරද්දී මූලික තැන දෙන්නේ මගේ ආසාවට විතරයි,”

රයිනි ඔයාගේ ශරීරයේ හැඩය වෙනසක් කරගත්තනම් මීටවඩා විලාසිතා කරන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද ”නැහැ මට ලැබිලා තියෙන හැමදේම ලැබිලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව, මගේ සිරුරේ හැඩය පාට මේ හැම දෙයක්ම මට උරුම දේවල්, ඉතින් ඒ ලැබුන දේවල් වලට ගැලපෙන විදියට ඉන්නවා මිසක් ඒ දේවල් වෙනස්කරගන්න මම කැමති නෑ, ඉතින් ඒ නිසා කෙට්ටුවට හිටියම මීට වඩා ලස්සන විලාසිතා කරන්න තිබ්බා කියලා මම කීයටවත් හිතලා නෑ, අනික ඉතින් හැමදේම සාපේක්ෂව දකින්න පුරුදු වුනාම කෙට්ටු අයත් හැඩයි චබී අයත් හැඩයි”

කවුරු හරි කෙනෙක් ඔයාගේ විලාසිතා ලස්සනයි කියලා කියද්දී ඔයාට දැනේනේ කොහොමද ”අනේ එහෙම කියද්දී මට ලැජ්ජයි, ඉතින් තත්පර දෙකක් තුනක් ගියාම තමයි එයාට තෑන්ක් යූ කියන්න මතක් වෙන්නේ, මෙහෙමයි ඉතින් මතුපිටින් පේන ලස්සන නිසා කෙනෙක්ව මනින්න බෑ ඒ කෙනාගේ අදහස් ලස්සන වෙන්න ඕන නැතුව මතුපිටින් කොච්චර ලස්සන වුනත් වැඩක් නෑ, හැබැයි මට අර විදියට කියද්දී ලස්සනයි”

Related Posts

Leave a Reply

Your email address will not be published.