Tue. May 17th, 2022

කාලෙන් කාලෙට පුවත් මවන ඇය කිසිදු දෙයකට බය නැති එඩිතර ගැහැනියක්. ඇය සත්‍ය කතා කිරීමට තැන හොයන්නේ නැත. ඇය කෙලින් කතා කරන නිසාම බොහෝ දෙනෙක් ඇය බොහෝ තැන්වල විවේචනය කරනවා. හැබැයි මේ කිසිම අවස්ථාවක ප්‍රේක්ෂකයින් කියන දෙය ඇය ඇගේ ජීවිතයට අදාළ කර ගන්නේ නැහැ. කියන කතා වලට ඇය පිළිතුරු බඳීන්නේ ද නැහැ. කෙටියෙන් ඇයගේ හිතේ එකයි කටේ එකයි දෙකක් නැහැ. කිව යුතු දේ මුහුණටම කියනවා. නමින් ඇය පියුමි හංසමාලි.මේ සූදානම ඇය ගැන කතා කරන්න.

එදා ඔබ චන්දිමාල් එයාපෝර්ට් එකෙන් යද්දි කිවේ ඇයි නයෙත්වයි ඔබ එක්ක යන්නේ කියලා, එහෙම කියන්න විශේෂිත හේතුවක් තිබුණද, ඇත්තටම ඒකට හේතුව තමයි මේ අවුරුදු තිහට මම යාලුවෝ ගොඩක් ආශ්‍රය කරලා තියෙනවා. ඉතින් මම දන්නවා ඒ නිසාම අපට බොරුවට හොඳ මූණ පෙන්නගෙන බබා පාට් දාන අය කොයි වගේද කියලා. ගොඩක් වෙලාවට මට අනාගතය කියන දේ පේනවා. මට අවුරුදු තිහක් උනාට මට අවුරුදු හතළිහක ගැහැනියගේ අත්දැකීම් ජීවිතේ තියෙනවා. ඉතින් ඒ හැමදේම එක්ක තමා මම එයාට ඒ වගේ දෙයක් කිව්වේ.

පියුමි ලස්සනට ඉන්න සර්ජරි කලා කියන කතාව ඇත්තද, සමහරු කියනවා වගේ මම ප්ලාස්ටික් සර්ජරි කරනවා.ඇත්තම කතාව ගැහැනියක් මවක් උනහම ඒ දරුවාට කිරි දෙනකොට ඒ ගැහැනිය වැහැරෙනවා. මම මගේ දරුවට අවුරුදු අටක් වෙනකම් කිරි දුන්නා. ඒ දේවල් නිසා මම දරුවා කිරි බිලා ඉවර වුන කාලේ ආවහම මම සර්ජරියක් කලා. හැබැයි මම මුණටනම් කිසි දෙයක් කලේ නෑ. බොරු කියන්න ඕනි නැහැනේ. හැබැයි ලංකාවේ ගොඩක් අය කියන්නේ බොරු. ඒ ගෙදර තියෙන දේවල් ගාලා සුදු වුනා ලස්සන වුනා කියලා.

රංගනය පැත්ත ගත්තොත් ඔබ ආසද රංගනයෙන් ඉස්සරහට යන්න, මම ලංකාව ඇතුලේ ටෙලිට්‍රාමා ෆිල්ම් කරනවා කියන තැන නෑ. ඒකට හේතුව තමයි මේ රටේ ගොඩක් අය හරි කුහකයි. ගොඩක් අය මගේ අවස්ථා ම⁣ට නැති කලා. මම ඉන්දියා වල කරපු ෆිල්ම් එක ලංකාවේ කලානම් මාව ඒ ඩිරෙක්ටර් අනිවාර්යයෙන් කපලා දානවා. ඒකයි ඇත්ත. ඒ නිසා මම හිතාගෙන ඉවරයි මම ඒවා කරන්නේ නෑ කියලා. මගේ පිනකට තමා මට ඉන්දියා මුවි එක සෙට් වුනේ.

පහුගිය කාලේ ගොඩක අය කතා කරපු මාතෘකාවක් තමා චමුදිතගේ ගෙදරට එල්ල වුන ප්‍රහාරය, ඒකට ඔබ සම්බන්ධ ද,ඇත්තටම ඒක මහ මෝඩ කතාවක්. අපි අතර යම් යම් ප්‍රශ්න වුනා. ඔය කියන සම්බන්ධයට මගේ කිසි සම්බන්ධයක් නෑ. චමුදිත කියන්නේ යම්කිසි මාධ්‍ය ආයතනයක වැඩ කරන කෙනෙක්. ඉතින් එයා කරන්නේ එයාගේ රැකියාව. එයාට ඉහළින් එන නියෝග තමා එයා කරන්නෙ. ඇත්තටම අපි ඒක තේරුම් ගන්න ඕනි. මම තරහ හිතේ තියාගන්න කෙනෙක් නෙවෙයි. චමුදිත මට කතා කලා ප්‍රොගෑම් එකක් පවා කරන්න.මම හා කියලත් කිවා. මම ඒවෙලාවට දේවල් කිවාට හිතේ තියාගෙන නෑ. ඒ මගේ හැටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *