Tue. May 17th, 2022

ඇය නවක පරපුරේ සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක්. කලාව ගැන ඉගෙන ගනිමින් කලාවට එකතු වෙන ඇය මෑත කාලයේ කලාවට පිවිසුණ යුවතියක්. නමින් ආලෝකා ධනංජනි. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. මේ දිනවල නිරන්තරයෙන් දකින්න ලැබෙන චරිතයක් නිසාම ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද, ඔව් මේ දවස්වල එක එක ටෙලිනාට්‍යවලින් මම රසිකයන් අතරට එනවා. ඒ හැම චරිතයක්ම විවිධාකාරයි. මේ හැම චරිතයකටම ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. එකිනෙකට වෙනස් වූ චරිත රඟපාන නිසාම විවිධ වූ අදහස් ලැබෙනවා. ගොඩක් සතුටුයි ඒ ලැබෙන හැම ප්‍රතිචාරයක් ගැනම.

ඔබ නිළියක් වෙන්නෙ කොහොමද, පුංචි කාලේ ඉදන්ම මම ආසයි රඟපාන්න. හැබැයි මගේ ජීවිතේ ප්‍රධාන හීනය වුණේ නිළියක් වෙන එක නෙවෙයි. නිළියක් වෙනවට වඩා මට ඕන වුණේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න. හැබැයි කොහොමහරි ඒ දේ වෙනස් වෙලා මම නිළියක් වුණා. සිරස නාලිකාවෙන් තමයි මට කලාවට අඩිතාලම වැටෙන්නේ. ඒත් film star හරහා. මම ගොඩක් තිර පරීක්ෂණ වලට ගියා. හැබැයි මේ ගමන හිතපු තරම් ලේසි වුණේ නැහැ. මුලින් රඟපෑවේ පොඩි පොඩි චරිත. කවදාවත් ලොකු චරිතයක් රඟපාන්න මුලදී හම්බුනේ නැහැ. හැබැයි මම ලැබුණු සුළු චරිතය වුනත් උනන්දුවෙන් කැපවීමෙන් කලා.

ඔබ වෘත්තිමය මට්ටමෙන් රංගන ශිල්පිනියක්ද, ඔව් මේ වෙද්දි මම වෘත්තිමය මට්ටමෙන් රංගන ශිල්පිනියක්. මම ගොඩක් කැමති කලාවෙන් ඉදිරියට යන්න. ඒ නිසාම තමයි වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක් වුනේ. හැබැයි මම ආර්ථිකමය අතින් ශක්තිමත් වෙන්න වෘත්තීයමය මට්ටමේ රංගන ශිල්පිනියක් වෙන්න කැමැති නැහැ.

ජීවිතයේ කලකිරිම ප්‍රතික්ෂේප විම් වලින් ඔබ ඉගෙන ගත්ත පාඩම මොකක්ද, අපි නවකයෝ විදිහට කලාව ඇතුලේ ප්‍රතික්ෂේප වෙනවා. හැබැයි මම ඒ කිසිම තැනක දුක් වෙලා නැහැ. නවකයෝ විදිහට මේ ක්ෂේත්‍රය ඇතුළෙ කැපිලි කෙටිලි තියනවා. හැමදේකින්ම මම දේවල් ගොඩක් ජීවිතේට එකතු කරගන්නවා.ප්‍රතික්ෂේප වුන නිසාම සමහර විට මට හොඳ දේවල් ලැබුණා වෙන්න පුළුවන්. මම කලාව කියන දේ පරතෙරටම ඉගෙන ගත්ත කෙනෙක්. මම කලාවට පිවිසුණේ කලාව ගැන යම් දෙයක් ඉගෙනගෙන. කොහොමත් මම කැපිලි කෙටිලි ප්‍රතික්ෂේප වීම් වලට බය කෙනෙක් නෙවෙයි. ක්ෂේත්‍රයට ආව මුල් කාලේ වැඩ නෑ කියලවත් මම දුක් වුණේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *