‘අනිත් අය වගේ මම මගේ ආදරේ සල්ලි වලට යට කරන්නේ නෑ’ පළමු විවාහයට සමුදුන් වොල්ගා කියන කතාව

වොල්ගා කල්පනී කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය බොහෝ දෙනකුගේ හදවත් දිනාගෙන අවසන්. මේ දිනවල කවුරුත් අතරේ ජනප්‍රිය පාරදිගේ ටෙලි නාට්‍ය හරහා ද ඇය දැක ගන්න පුළුවන්. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. වොල්ගා නැවත විවාහ වෙන්නේ නෑ කියන කතාව ඇත්තක්ද, ”එහෙම අදහසක් තාම නෑ. මොකද ආදරය කියන දේ රඳාපවතින්නේ විස්වාසය මත. කොලේට බෑ ආදරයක් පවත්වගෙන යන්න. අපි සමහරු දිහා බද්දි ඇත්තටම ඔවුන් කඩදාසියකට විතරවි බැදිලා ඉන්නේ. අපි කියෙන් කීදෙනා අතරද ඇත්ත ආදරය කියන දේ දකින්නේ. සමහරු විවාහය කියන දේ දකින්නේ දේපළ සල්ල වලින්. මම කැමති නෑ එහෙම⁣ කෙනෙක් වෙන්න. ඇත්තටම අපිට බැරිද කොලේකට සීමා නොකර ආදරේ කරන්න. මම විවාහය කියන දේ දකින්නේ බොරුවක් විදිහට”

ජීවිතේටම ප්‍රශ්න බාධක අභියෝග බාරගත්තේ කොහොමද, ”අපි හැමෝගෙම ජීවිත වලට ප්‍රශ්න කියන දේවල් වෙනවා. ඒක පොදු දෙයක්. මට ජීවිතේ ප්‍රශ්න එන්නේ එන්න මම ජීවිතයේ නැගිට්ටා. මං ප්‍රශ්න ඉදිරියේ වැටුණ කෙනෙක් නෙවෙයි. මම මාවම විශ්වාස කරන එක්කෙනෙක්. මම ටිකක් හිතුවක්කාරයි. හැබැයි මට ජීවිතයේ වැරදිලා නැහැ. මං ගත්ත හොඳම තීරණ තමයි මම හිතන්නේ හරි දේ. මම බුදුන් වහන්සේ දෙවියන් වහන්සේ විශ්වාස කරන කෙනක්”

මෑත කාලයේ සම්මානයකින් පිදුම් ලැබුවා නේද, ”ඇත්තටම මට ගොඩක් සතුටුයි ඒ ගැන. කවදාවත් හිතුවේ නැහැ මට ඒ වගේ සම්මානයක් ලැබෙයි කියලා. මේ මගේ තුන්වෙනි සම්මානය. ‘වැටෙන මල්’ ටෙලි නාට්‍යයට තමයි මේ සම්මානය ලැබුණේ. මාව විශ්වාස කරල මාව මේ චරිතයට ගත්ත අයට ස්තූතිවන්ත වෙනවා. හංසනී කියන චරිතය තමයි මට රඟපාන්න හම්බුනේ. මම හිතනව මම ඒ චරිතයට උපරිම සාධාරණත්වය ඉෂ්ඨ කරා කියලා.”

ඔබට ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන මොකද හිතෙන්නේ, ”මට ගොඩක් සතුටුයි. මොකද අපිට රසිකයන් නැතුව අපේ ගමනක් යන්න බැහැ. මගේ ජීවිතෙ මොන ප්‍රශ්න ආවත් රසිකයෝ මාව අත්හැරියේ නැහැ. ඒ රැදිම තමයි මට ලැබුණු ලොකුම ශක්තිය. මම විශ්වාස කරනවා ඉදිරියටත් මට ඒ ආදරය නොඅඩුව ලැබෙයි කියලා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *