‘අනාත වෙලා කොන්වෙලා ඉද්දි මාව ලඟට ගත්තේ නිල්මිණි විතරයි’ ජනප්‍රිය නළු රාජිත කියන කතාව

කලාවට පැමිණෙන බොහෝ දෙනෙක් රසිකයන්ගේ මතකයන් තුළ රැදෙන්නේ අනුවර්තන නම් වලින්. එහෙම බැදුන අනුවර්තනනමක් තමයි පිං පොං ⁣කියන්නේ. ඔහු නමින් රජිත හිරාන්. පුංචි තිරය සිනමාව ඔහුට ආදුනික තැනක් නෙවෙයි ඒ වගේම හාස්‍ය උත්පාදන නළුවෙක් ලෙසද මොහු ප්‍රසිද්ධයි. ඉතින් අද අපි සුදානම් වෙන්නේ මොහු ගැන කතා කරන්න.

බොහෝ මිතුර මිතුරියන් ⁣ප්‍රමාණයක් ඉන්න රජිත ආදරණිය ස්වාමියෙක් මෙන්ම ආදරණිය පියෙක්. රජිතට ගොඩක් යාළුවෝ ඉන්නවා කිව නිසාම අපි ඇහුවේ ඔහුගේ ලගම මිතුරා හෝ මිතුරිය ගැන. “මම කේෂ්ත්‍රයට ඇවිත් අවුරුදු 20කට වැඩියි. මට මේ කාලේ බොහෝ දෙනෙක් හමු වුනා මිතුරන් ලෙසට. හැබැයි ඇත්තටම ම⁣ගේ ජිවිතේ සුජාතාව වගේ පිරිසිදු හිතවත්කමින් පිරුණ ගුණයහපත්කම තිබුන එක යෙහෙලියක් හිටියා. ඇය නමින් නිලන්ති ඩයස්. මම සිනමාවට ආව දවසේ ඉදන් ඇය එක්ක තමයි මගේ මිත්‍රත්වය තිබුනේ.”

ඒ යාළුකම ගැනත් මතක් කලොත්, “මට ඇයව මුලින් මුණ ගැහෙන්නේ මගේ පළවෙනි මුහුණත් උළෙලේ. මම අසරණයෙක් වගේ අනාත වෙලා ඉද්දි මාව අඩ ගහලා ලගට ගත්තේ එයා තමයි. ඉතින් එදා ඉදන් මට ඉන්න හොදම යෙහෙලියක් තමා නිලන්ති ඩයස්. ඇත්තටම කියනවනම් මම අනාතම වෙලා හැමෝම මාව කොන් කරලා තියෙද්දී නිලන්ති තමයි මාව බලාගත්තේ”

⁣පැරණිම මිත්‍රත්වයක් තියෙන ඔය මිතුරුකම ඇතුලේ මත ගැටුම් ඇති වෙලා නැද්ද, “නෑ කිසිම දවසක අපි අතරේ මත ගැටුම් ඇති වෙලා නෑ. මම දන්න විදිහට නිලන්ති කාත් එක්කවත් ප්‍රශ්න දාගෙන වැඩ කරන අය නෙවෙයි. කවුරු හරි කවුරු වැරදුනත් කිසිම වෙලාවක කාත් එක්කවත් නිලන්ති මත ගැටුම් ඇති කරගන්නේ නෑ. එයාගේ මතක හරි වුනත් වැරදි වුනත් කවදාවත් තර්ක කරගෙන යන්නේ නෑ. එයා එහෙම චරිතයක්,”

නිලන්ති සුජාතාවක් විදිහට රජිත හදුන්වන්නේ ඇයි? “නිලන්ති කියන්නෙ කවදාවත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් නෙවෙයි. සමහර යාළුවෝ හරිම අවස්ථාවාදි. ඒ කියන්නේ සමහර යාළුවෝ ඉන්නවා තව කෙනෙත් හුරගෙන කන. ඡන්මයෙන් ඡන්මයට වෛර පතාගෙන එනවා වගේ. ඇත්තටම මම ලග ඉන්න කිසිම යාළුවෙක් අවස්ථාවාදි අය නෙවෙයි. නිලන්ති වගේම තමා මම ආශ්‍රය කරන ගොඩක් යාළුවෝ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *