‘අන්සතු පෙමක් තියා නිකන් පෙමක්වත් මට නෑ’ තරුණයන්ගේ සිහින කුමරිය නිපුනි කියන කතාව

පහුගිය කාලය පුරාවට සමාජ මාධ්‍ය තුළ බොහෝ සේ කතා වු ගීතයක මියුසික් විඩියෝව වුයේ අසම්මත ප්‍රේමය. ඒ ගීතය ඇතුළත් විඩියෝව බොහෝ දෙනාගේ කතාවට ලක් වුයේ එහි රංගනයට එකතු වු තරුණිය නිසා. ඉතින් විඩියෝව තුළින් එළියට ආව ඒ යුවතිය ගැන කතා කරන්නයි අද අපි සුදානම් වෙන්නේ. නමින් ඇය නිපුනි පූජිත ගුණවර්ධන. අවුරුදු හයකට කලින් වෙළඳ දැන්විම් කිහිපයකට සම්බන්ධ වෙන ඇය හීන හොයන සමනල්ලු, A/l චිත්‍රපටයට සම්බන්ධ වුනා.

2018 වර්ෂයේ සිට ප්‍රේමයේ නගර වේදිකා නාට්‍යයේ ඇය අවුරුදු දෙකක් රංගනයෙන් දායක වෙනවා. 2019 මිස් ශ්‍රි ලංකා තරඟයේදි අවසන් වටයන තේරෙන නිපුනි මේ වන විට කතා බහට ලක් වෙන්නේ අනියම් පෙමක හිමිකාරියක් ලෙසට. ඇය ඒ ගැන කිවේ ප්‍රේක්ෂකන් ඒ විදිහට ඇයව හදුනාගන්නවානම් ඇයට එය ප්‍රශ්නයක් නොවන බවයි.

ඇය බොහෝ දෙනාගේ අසම්මත පෙමක හිමිකාරිය නිසාම අපි ඇයගෙන්ම අහන්න හිතුවා ඒ සම්බන්ධ වුන වැඩකටයුතු ගැන. ඉතින් ඇය අසම්මත පෙම බැදි විඩියෝව ගැන කිවේ මේ වගේ අදහසක්, ”මම ඇත්තටම මේ වි⁣ඩියෝවට සම්බන්ධ වෙන්න කැමති වුනා. ඒකට හේතුව මේක ගොඩක් ස්වාභාවික නිර්මාණයක්. හැබැයි දකින අයට මේක ලේසි වුනාට ඒක හිතපු තරම් ලේසි නෑ. මොකද අංගචලන, මුහුණේ ඉරියව් වගේ දේවල් හරියටම නිර්මාණයට අවශ්‍ය වුනා. මේ වැඩේට අපිට දවස් දෙකක් ගියා. මුලින්නම් බය හිතුනා ඒත් වැඩේ කරගෙන යද්දි ආස හිතුනා. මම කවදාවත් හිතුවේ නෑ මිනිස්සු කතා බහ කරන විඩියෝවක් වෙයි කියලා මේක. කොහොම වුනත් මම මේකේ අදහසට කැමති නෑ. හැබැයි නිර්මාණයට කැමතියි.”

ඔබ ආදරය ගැන දකින්නේ කොහොමද ? මේ වනවිට ඔබ විවාහකද, නැත්නම් අන්සතු අනියම් පෙම්වතියක්ද? “ඇත්තටම මම විවාහක නෑ. මම අනියම් පෙම්වතියක් නෙවෙයි. ඒ වගේම අන්සතු කෙනෙකුත් නෙවෙයි. මම මා සතුයි. ආදරය කියන දේ ඇත්තටම අපිට විවිධාකාරයෙන් දකින්න පුළුවන්. මේ නිර්මාණය ඇතුලේ ආදරය කියන දේ කොයිම විදිහකටවත් වැරදි විදිහට දාලා නෑ. කිසිම නරක දෙයක් නෑ.”

නිර්මාණය ගැන ලැබෙන ප්‍රතිචාර කොහොමද ? “ගොඩක් අය කියන්නේ මම තාත්විත විදිහට රඟපානවා කියලා. ඇත්තටම ඔව් මොකද මේකප්වත් නෑ මේකේ. මම සාරි අදින්න අකමැති වුනත් මේ නිර්මාණයට සාරි අදින්න ඇත්තටම මම කැමති වුනා. ඉතින් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය ගැන මට ගොඩක සතුටුයි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *