Sat. Jun 25th, 2022

හැමෝම ආදරේ කරන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හේවාමද්දුම කියන්නේ. රංගන ශිල්පිනියක ව්‍යාපාරිකාවක සමාජ සේවිකාවක, වගේම රූ රැජිනක ලෙසත් ඕෂධී ලාංකේය ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම ඕෂධී කියන්නේ මේ වනවිට බිරිඳක් වගේම ආදරණීය මවක්. ඉතින් මේ කතා බහ ඕෂධී සමග. ඕෂධී දැන් ඉස්සර වගේ පේන්න නෑ ඔබ දැන් ඉන්නේ ටෙලිනාට්‍ය වර්ජනයකද ”එහෙම නෑ මම මෙගා එකක් වුනත් කොටස් ගණන අඩු එකක් උනත් නිර්මාණ වලට දායක වෙනවා. මම හොයන එකම දේ තමයි නිර්මාණ වල ගුණාත්මක භාවය. ගුණාත්මක භාවය සහ අපි කරන සේවාවට වටිනා ගෙවීමක් කරනවානම් මම ඒ දේවල් වලට සම්බන්ද වෙනවා”

ඔබ පුංචි තිරයේ බොහොමයක් නළුවන්ගේ පෙම්වතිය වුනා, දැන් ඕෂධී ඔබ දෙදරු මවක් සමහර රංගන ශිල්පිනියන්ට වගේ ඔබත් තවමත් පෙම්වතිය වීමේ සිහිනය අතහැරලා නැද්ද, ”මම ටෙලි නාට්‍ය 65ක් කරලා තියෙනවා, ඒ 65න 62කම පෙම්වතිය වුනේ මම. ජීවන් කුමාරතුංග අයියාගේ ඉඳන් අපේ කාලයේ නළුවන් වගේම මට වඩා බාල අයගෙත් මම පෙම්වතිය වෙලා තියනවා. සරලවම කියනවනම් මදි නොකියන්න මම පෙම්වතිය වෙලා තියෙනවා, දැන් මට පෙම්වතිය වීමේ අමාරුවක් නෑ. හැබැයි මගේ වයසට, පෙනුමට ගැළපෙන චරිත තමයි මම තෝරා ගන්නේ.”

කොහොම වුනත් ඕෂධී කියන්නේ දේශපාලනයට සම්බන්ද කෙනෙක් ඉතින් ඇය පසුගිය දිනක අලුතෙන් පත්වුන අගමැතිවරයා වන රනිල් වික්‍රම පිලිබඳ අපූරු සටහනක් එකතුකරලා තිබ්බා, ඒ රනිල් වික්‍රමසිංග මහතා මීට වසර කිහිපයකට පෙර සහභාගී වුන සාදයකදී ප්‍රවීණ රංගනශිල්පිනී සේරසිංහ මහත්මිය සමග නර්ථනයේ යෙදෙන වීදොයෝවක් සමග, ඒ සටහන තමයි ”අන්න කොල්ලො, ජනාධිපති වුණත්, අගමැති වුණත්, නිකම්ම නිකන් මන්ත්‍රී වුණත්. එයා, රනිල් වික්‍රමසිංහ.” කියලා. මේ සටහනට අපූරු ප්‍රතිචාර ටිකකුත් ලැබිලා තිබ්බා,