අධික ලෙස ආදරේ කරනවා කියන්නෙත් ලොකු විනාසයක් – ශලනි තාරකා

මේ දවස්වල හැමෝම ගොඩක් ආදරේන් නරඹන ටෙලිනාට්‍යක් තමයි ‘හීනයකි මේ ආදරේ’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍ය හරහා ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන චරිතයක් ඔයාලගේ ආලින්දයට එනවා, ඇය තමයි ශලනි තාරකා, ඉතින් අපි අද කතා කරන්න හිතුවා ශලනි තාරකා එක්ක, ශලනි දැන් ඔයා කියාදෙන්න ආදරෙයි තරම් නාට්‍යයෙන් වගේම අලුතෙන් විකාශනය වෙන්න පටන් ගත්ත හීනයකි මේ ආදරේ නාට්‍ය හරහාත් පුංචි තිරයට සමීප වෙලාඉන්නවා, ශලනිට මෙච්චර ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන්න හේතුව මොකද්ද..? ”අනේ ඇත්තටම ඒකට හේතුවක් කියන්න මම දන්නේ නෑ, හැබැයි මම මේ ක්‍ෂේත්‍රයට ආව දැවේ ඉඳලම මට ආදරේ කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා, ඒ වගේම මම රංගනයෙන් දායකවන හැම නිර්මාණයක් එක්කම එකතුවෙලා ඉන්න විශාල පිරිසක් ඉන්නවා, මම දුෂ්ට චරිත රඟපෑවත් ඒ අය මට ආදරෙයි”

මේ දවස්වල ස්නේහා ගේ චරිතය හරහා ගොඩක්ම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්න සමත්වෙලා තියෙනවා නේද..? ”ඔව් කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය හරහා ස්නේහාගේ චාරිතය ආදරෙන් වැළඳ ගත්ත විශාල පිරිසක් ඉන්නවා, ඇත්තටම ස්නේහා කියන්නේ ආත්මාර්ථකාමී නපුරු චරිතයක්, මම රඟපාපු ඒ නාට්‍ය මම බලද්දී මට හිතෙන්නෙත් ස්නේහට බනින්න, මොකද ස්නේහා කියන්නේ බැනුම් අහන්න ඕන චරිතයක්, මම ස්නේහා වගේ අය ඇත්ත ජීවිතේදීත් දැකලා තියෙනවා, අධික ලෙස ආදරේ කරනවා කියන්නෙත් ලොකු විනාසයක්, ඒක හොඳට පැහැදිලි කරනවා ස්නේහගේ චරිතය”

ශලනි දැන් මේ ඇවිත් ඉන්න ගමන ගැන ඔයාට මොකද හිතෙන්නේ ”මට ගොඩක් සතුටුයි අද මම ඉන්න තැන ගැන, මම හීනෙකින්වත් රංගන ශිල්පිනියක් වෙන්න හිතපු කෙනෙක් නෙවෙයි, මම මේ පාරට වැටුනේ අහම්බයෙන්, මගේ ආගමට අනුව දෛවයට අනුව මට හිමි තැන තමයි මට මේ ලැබිලා තියෙන්නේ, මම පුංචි කාලේ ඉඳලම රංගන ශිල්පිනියක් වෙන්න හැබැයි ඒ අවුරුදු 5-6දී වගේ, ඒ කාලේ මට තිබ්බේ හින්දි පිස්සුවක්, හැබැයි ඒ කාලේ මම හරිම ලැජ්ජයි, හැබැයි රඟපාන්න ඕන කියලා එකක් ඔලුවේ තිබ්බේ නෑ, හැබැයි මට කැම්පස් යන්න කියලා ලොකු ලොකු හීන තිබ්බෙත් නෑ, මට ඒ කාලේ ඉඳලම ඕන වුනේ බිස්නස් එකක් කරන්න, පාසල් කාලේ මම ඉගන ගන්න ගොඩක් දක්ෂයි, මම සිරස කුමරිය වින්කලාට පස්සෙවත් රඟපාන්න හිතුවේ නෑ, ආරාධනා ලැබුන ඒවත් ප්‍රතිශ්ෂේප කළා, එකෙන් මාස අටකට විතර පස්සේ තමයි මම රංගනයට සම්බන්ද වුනේ කොහොම වුනත් දැන් මම ඉන්න තැන ගැන ගොඩක් සතුටු වෙනවා,”

Related Posts