අද මම හුස්ම ගන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසා – මදුමාධවගෙන් දික්කසාද වුන නිල්මිනී

රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ පුංචි තිරයේ ආදරණීයම රංගන ශිල්පිනිය විදියට හඳුන්වන්න පුළුවන් රංගන ශිල්පිනියක් තමයි නිල්මිනී තෙන්නකෝන් කියන්නේ, රිදී තිරය හරහාත් විවිද චරිත මවපු ඇය සැමියාගෙන් වෙන්වුන ආදරණීය මවක්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔබෙත් මගෙත් ආදරය දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක වන නිල්මිනී තෙන්නකෝන් සමග,

ඔබ රංගන ශිල්පිනියක වීම ගැන තෘප්තිමත් ද..? ”ඔව් මම රංගන ශිල්පිනියක වීම ගැන සියයට සියයක්ම තෘප්තිමත්, මොකද රංගනය නිසා මම අත්දැකීම් ගොඩක් ලබාගත්තා, ඒ වගේම මේ ක්‍ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ අධ්‍යක්ෂකවරු සහ ප්‍රවීණ රංගන ශිල්පියන් ශිල්පිනියන් රැසක් ඇසුරු කළා ඒ වගේම ඒ අය එක්ක රඟපෑවා, සම්මාන ලබාගත්තා, ඒ හැම දෙකටම වැඩිය මම ජනතාවගේ ආදරේ දිනාගත්තා, ඉතින් මේ හැම දෙයක්ම මට ලැබුනේ රංගන නිසා ඉතින් මම රංගන ශිල්පිනියක් වීම ගැන තෘප්තිමත් වගේම ආඩම්බරයක් මට,”

ජනප්‍රිය රංගන ශිල්පිනියක විදියට සමාජයට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද..? ”රංගන ශිල්පිනියක විදියට මට කියන්න තියෙන්නේ නිතරම මොලය පාවිච්චි කරලා සබුද්ධිකව වැඩ කරන්න, විනයගරුක විදියට හොඳ පුරවැසියෙක් විදියට ජීවත් වෙනවනම් රටට බර නැති නෙකෙක් විදියට ජීවත් වෙන්න පුළුවන්, ඒ වගේම හැම වෙලාවකම මිනිස්සුන්ට ආදරේ කරන්න පුරුදු වෙන්න,

අපි දකිනවා නිල්මිනී සෑම වසරකම රිය අනතුරක සිදුවීමක් ගැන සමාජ මාධ්‍ය හරහා යම් පිරිසකට ස්තුති කරනවා, මොකද්ද ඒ සිදුවීම ”එක මම ජීවිතේ විඳපු ගොඩක් දරුණු අත්දැකීමක්, ඒ 2007-03-14 දවස, මම හදිස්සි අනතුරකට මුහුණ දුන්නා, ඒ හැම දේම වෙන්න ගියේ තත්පර ගානයි, මාව ඒ අවස්ථාවෙන් බේරාගත්තේ, මගේ දුවට ආයේ එයාගේ අම්මව ලබාදුන්නේ වැලිවේරිය ජනතාවම, මාව රෝහලට අරගෙන ආව ත්‍රීවීල් සොහොයුරා, ඒ වගේම මම වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු රාගම රෝහලේ වෛද්‍යවරු, හෙදියන්, ලීසන්ස් රෝහලේ අධිපතිතුමා, නවලෝක රෝහල එහි අධිපති තුමා, ඒ විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමා, එතුමා නිසා තමයි අද මම හුස්ම ගන්නේ, ඉතින් මම ඒ අනතුර වෙලා වසරක් පිරෙන හැම අවස්ථාවකම ඒ යට ස්තුති කරනවා, ඒ අය නැත්නම් මගේ දුවට අම්මෙක් නැතිවෙනවා”

Related Posts

Leave a Reply

Your email address will not be published.