අද මම මේ ලබන ආදරය මට ලැබුන ආශිර්වාදයක් – සුරාජ් මාපා

අපේ රටේ ඉතාම ඉහල ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ වගේම තරුණියන්ගේ ආකර්ෂණය වැඩියෙන්ම ලැබෙන රංගන ශිල්පියෙක් තමයි සුරාජ් මාපා කියන්නේ, සුරාජ් පහුගිය කාලයේ කළා ලෝකයේ වැඩිය පේන්න හිටියේ නෑ, කොහොම වුනත් මේ වනවිට සුරාජ් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන නොනිමි ටෙලිනාට්‍ය හරහා නැවතත් ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත්වෙලා තියෙනවා, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න සුරාජ් මාපායි,

සුරාජ් මේ දවස්වල නොනිමි නාට්‍ය නිසා ගොඩක් ජනප්‍රියයි නේද..? ඔව් ඇත්තටම, මම මීට කාලෙකට කලින් රඟපෑව ‘ඕළු’ නාට්‍යයේ අසංක ගේ චරිතය තරම්ම නොනිම් නාට්‍යයේ නිම්නාද කියන චරිතය දැන් ජනප්‍රිය වෙලා, ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, ඒ වගේම ගොඩක් අය ඒ නාට්‍ය බලනවා., මම පන පොවන්නේ ගුවන් හමුදා නිලධාරියෙක්ගේ චරිතයක්, ඔහු මේ රටට පරිසරයට හදවතින්ම ආදරේ කරන චරිතයක්, මම හරිම ආසාවෙන් තමයි මේ චරිතයට පන පොවන්නේ”

මේ නිර්මාණ අධ්‍යක්ෂණය කරන්නෙත් ඔබමයි නේද..? ”ඔව්, මෙච්චර කාලයක් කළා ක්‍ෂේත්‍රයේ මම ලබපු අත්දැකීම් පදනම් කරගෙන තමයි මම මේ නිර්මාණයට සම්බන්ද වුනේ, අපි අපේ ජීවිතේ ලබාගන්නා අත්දැකීම් තමයි වඩා වැදගත් වෙන්නේ, රංගන කියන්නේ මගේ ජීවිතේ ලබපු ලොකු ජයග්‍රණයක්, මම මේ ක්‍ෂේත්‍රයට ආව දවසේ ඉඳලා අද වෙනකන් වැඩ කරන්න ලැබුනේ වැදගත් වගේම ගොඩක් ධක්ෂ අධ්‍යක්‍ෂකවරු සමග, ඒ වගේම ප්‍රවීනයන් සමග, ඒ අයගෙන් ඉගන ගත්ත දේවල් නිසා තමයි අද මම අධ්‍යක්ෂ කියන අභියෝගය බාර අරගෙන තියෙන්නේ”

අද වෙනවිට කළා ක්‍ෂේත්‍රයට එක එක රංගන ශිල්පියන් එනවා යනවා, හැබැයි සුරාජ්ට එහෙම නෑ එදා තිබ්බ ආදරේ තාම එහෙමමයි, නේද..? ”අනිවාර්යෙන්ම එදා තිබ්බ ආදරේ දවසින් දවස වැඩි වුනත් අඩු වුනේ නෑ, ඇත්තටම කලාකරුවෙක් වශයෙන් මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා, කළාකරුවෙක් විදියට මිනිස්සුන්ගේ ජීවිත වලට ගොඩක් ඉක්මනට සම්බන්ද වෙන්න පුළුවන්, හදවතින්ම ආදරේ කරන ප්‍රේක්ෂක පිරිසක් තමයි මට ඉන්නේ, තරාතිරම තකන්නේ නැතුව ආදරේ කරන්න ඉගැන්නුවේ අපේ ගෙදරින්, අම්මා තාත්තා කියල දුන්න දේවල් නිසා තමයි අපි සමාජයෙන් ගරු බුහුමන් ලබන විදියට ඉන්නේ, ඉතින් අද මම ඉන්න තැන ගැන මම ගොඩක් තෘප්තිමත්, දැන් මම මේ ලබන ආදරය මට ලැබුන ආශිර්වාදයක්,

Related Posts