‘අද මම මෙතන ඉන්නේ චන්න අයියා නිසා’ සුරංගනාවියක් වගේ සුන්දර සසින්දී කියන කතාව

නිරූපණ ශිල්පිනියක් රංගන ශිල්පිනියක් වන ඇය නමින් සසින්දි නිම්හාරා සෙනවිරත්න. ‘සඳ දිය සළු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ දෙන ඇය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. ඇය මුලිනම් රංගනයට පිවිසෙන්නේ අවුරුදු හතර හමාර තරම් පොඩි වයසින්. ‘කාව්‍ය’ නාට්‍ය හරහා රංගනයට එන ඇය ඉන්පසු ‘නිසලගිරි’ චිත්‍රපටයද දායක වෙනවා. කාලයක් රංගනයෙන් ඈත් වෙන ඇය නැවත පාසල් කාලේ නිමාවත් එක්ක රංගනයට පිවිසෙනවා. ඒ ‘හුස්මක් තරමට’ ටෙලිනාට්‍යයෙන්. ඇය නැවත සිනමාවට එන්නේ චන්න පෙරේරා අධ්‍යක්ෂණය කරන සඳ දිය සළු චිත්‍රපටයෙන්. කෙසේ වුවත් ඇය වැඩිපුරම කැමති සිනමාවට බවයි අප සමඟ පැවසුවේ.

සසින්දි චරිත තෝර ගැනිම ගැන අප හා කියා සිටියේ මේ ව⁣ගේ අදහසක්. “මම චරිතයක් තෝරගන්නේ ඒකට උපරිම සාධාරණත්වයක් කරන්න පුළුවන්නම් විතරයි. මට හිතෙනවනම් ඒ චරිතයට සාධාරණත්වයක් ඉෂ්ඨ කරන්න පුළුවන් කියලා ඇත්තටම මම ඒ චරිතයට සම්බන්ධ වෙනවා. අනික චරිතයක් ගනිද්දි මම මට ගැළපෙනවද කියලත් බලනවා. මොකද නොගැළපෙන චරිත කරන්න බෑනේ අපිට ඒ නිසා.” ව්‍යාපාර අධ්‍යනය පිළිබඳ උපාධියක් හදාරන සසින්දි පුර්ණ කාලිනව රංගවයට යොමු කිරිමටද ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා. එයට හේතුව දිගින් දිගටම චිත්‍රපට රූගත කිරිම් හා ඇය සම්බන්ධ වෙන නිසා.

කෙනෙකුගේ ජනප්‍රියත්වය කියන්නේ විටෙක කට කතා පතුරවන්නන්ට හොද මාතෘකාවක් ඉතින් සසින්දි වුනත් ඒක පොදු වෙද්දි අපි ඒ ගැන අහන්නත් අමතක කලේ නෑ. “ඇත්තටම මට බයක් නෑ. මොකද මගේ අම්මා තාත්තා පෙන්නපු හරි පාරේ මම යනවා ඒ නිසා. ඒ නිසා මම කවුරුත් කියන දේවල් පිළිගන්න කෙනෙක් නෙවෙයි .හැබැයි එක දෙයක් මගේ වැරැද්දක් කවුරු හරි හදාගන්න කිවොත් මම අනිවාර්යයෙන් ඒක හදාගන්නවා. ඒකට මම දෙපාරක් හිතන්නේ නෑ “

සසින්දි ඇත්තටම කලාවට එන්නේ කොහොමද, “මම කලාවට එන්නේ මගේ අම්මා තාත්තා මට දිපු හැකියාව නිසා. හැබැයි වර්තමානයේ මම චන්න අයියා නිසා තමා ආයේත් කලාවට නැඹුරු වුනේ. සරලවම කියනවනම් මාව ආයේ කලාවට ගෙනාවේ චන්න අයියා. ඉතින් දැන් දිගටම වැදගත් නිර්මාණ වලට සම්බන්දවෙන්න බලාපොරොත්තු වෙනවා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *