‘අද කළා කරුවන්ට නිසි වටිනාකමක් ලැබෙන්නේ නෑ’ ජනප්‍රිය නිලි දුලීකා කියන කතාව

බොහෝ දෙනාගේ හදවත් සොරාගත් දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස නම් දැරීමට දුලීකා මාරපන රංගන ශිල්පිනිය සමත් වන්නේ ඇය ඇයට ලැබෙන චරිත තුලින් වෙනසක් කිරීමට උත්සහ දරන නිසාවෙනි. ඇය ඒ සදහා කෙතරම් දක්ෂද යන්න මේ වන තුරු රග පෑ චරිත වලින්  මනාව දිස් වෙනවා. මෑත කාලයේ ඇය බොහෝ සෙයින් කතා ත්‍රිත්වයක් මගින් හදවත් හොරාගෙන අවසන්. ‘කියා දෙන්න ආදරේ තරම්’ අයිරාංගනී චරිතයත් දමිළ සම්බවයක් සහිත තමන්ගේ නම්බුව රැකගනිමින් දරුවන් සුපෝෂනය කරන මවකි. ‘දිවිතුරා’ නාට්‍යයේ දීපිකා ලෙසට නොහොත් සුජීවගේ බිරිද ලෙසට රගපාන්නේ එවැනි රංගනයක් පළමු වතාවට සිදු කරමිනි.

ඇස් අන්ධ ‘මාධිනී’  චරිතය හමුවන්නේ පෝක්වීදිය ටෙලිනාට්‍ය හරහා වෙද්දී  එය වෙනස් විදිහට හිතා බලා ඇය ගත් තීරණයක් කීවොත් නිවැරදියි. මොකද අද වන විට අපේ හැකියාවන් එළියට ගැනීමට ලැබෙන ඉඩකඩ අඩුයි. ඇය කියා සිටියේ ඇය, ඇයම විසින් මෙම අබාධිත දරුවාගේ චරිතය ගත් බවයි. විශ්ව විද්‍යාලයේ ඇය උපතින්ම අන්ධ යාලුවෝ ආශ්‍රය කළ බවත් මෙය වෙනස් අත්දැකීමක් නිසාම ඇය මෙම තීරණය ගත් බවයි.

එහෙත් අද ඇයට අන්ධ  විද්‍යාලයෙන් පවා කතා කරමින් ප්‍රශංසා කරන නිසාම ඇය ලොකු සතුටක් මෙයින් භුක්ති විදියි. ඊට අමතරව රෙදි මෝල වත්තේ අයිරා කියන්නේ අද කාගේත් හිත්වල රැදෙන චරිතයක්.වචන හැසිරිම් මේ සියල්ල දුලිකාට ආදුනික වුනත් ඇය සිය ජිවිතය මෙන් සිතා චරිත වලට ආරෝපණය වෙනවා.

ඇය අසාධාරණයට විරුද්ධ වෙමින් කලා කරුවන් වෙනුවෙන් නැගී සිටින රංගන ශිල්පිනියක් ලෙසද අපි ඇය හදුනා ගන්නවා. ඇයට දෙමාපියන්ගේ කෙතරම් දේ ලැබුනත්  ඇය නිකමෙක් සේ මියයෑමට සූදානම් නැත. ඇය වරෙක “කලාකරුවන්ගේ වෘත්තිමය භාවයන් හැදිය යුතුය” යන්නෙන් ප්‍රකාශ කළද කිසිදු ආණ්ඩුවක් ඒ සදහා කටයුතු කලේ නෑ.

එම අවස්ථාවේදී ඇය ප්‍රකාශ කලේ  “මම පාර්ලිමේන්තුවේ හිටියනම් මම ඕක කරලා ඉවරයි” යනුවෙනි. ඇත්තටම රටේ කලාකරුවෝ කී දෙනෙක් පාර්ලිමේන්තුවේ  හිටියද. ඔවුන් ඔවුන්ගේ වරප්‍රසාද ගනිමින් පුටු රත් කරා පමණි. කිසිවෙකුත් කලාකරුවන් වෙනුවෙන් කතා කලේ නැත. සටනක් නොකර ජයක් ලබා ගත නොහැක. විටක ඇය දේශපාලන ලෝකයේ මේ අයිත්වාසිකම් උදෙසා සටන් කරාවිද සිතේ. එය ඇගේ හැරවුම් ලක්ෂයකි. හැකියාව තිබියදී කලා කරුවන්ට වෘත්තිමය තත්වයක් ගොඩනැගීමට කටයුතු නොකිරීම මදහසට කරුණකි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *