‘අද ඒක කලානම් හොඳටම කරන්න තිබ්බා’ ජනප්‍රිය නිලි කාංචනා කියන කතාව

කංචනා මෙන්ඩිස් කියන්නේ මෙරට ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක්. ගෙවුන කාලය පුරාවට ඇගේ නම මෙන්ම ඇගේ රංගනය ද කිසිවෙකුටත් අමතක නොවේ. කාටත් අමතක නොවන මේ සුන්දර රංගන ශිල්පය ගැන කතා කරන්නයි අද අපි සූදානම් වෙන්නේ. කාංචනා මෙන්ඩිස් කියන්නේ ටෙලි නාට්‍යය තුළින් තමන්ගේ ගමන ආරම්භ කරගෙන සිනමාවටද පාතැබූ සොදුරු රංගන ශිල්පිනියක්, පුංචි තිරයෙන් සිනමාවට දොර ඇරුනා නේද, ඇත්තටම මම හිතනවා මම ගොඩක් වාසනාවන්තයි කියලා.

මේ සමාජයේ ගොඩක් අය හිතන්නේ ටෙලි නාට්‍යවලින් ජනප්‍රිය වන අයට සිනමාවට එන්න අමාරුයි කියලා. හැබැයි මට නම් එහෙම දෙයක් සිද්ද වුණේ නැහැ. මගේ මුල්ම සිනමා රංගනය රාජ්‍ය සේවය පිණිසයි. එහිදී මට හොඳම සහාය නිළිය සම්මානය පවා ලැබෙනවා. දක්ෂ අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු සහ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක රඟපාන්නද මට අවස්ථාව හිමි වෙනවා. මේ හැමදේටම අමතරව මට දකුණු ඉන්දීය සිනමා කෘති දෙකකට ද සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවෙනවා.

ලංකාවේ අධ්‍යක්ෂකවරු ඔබේ දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගත්තා කියලා හිතනවද, ලංකාවේ අධ්‍යයක්ශකවරු මගේ හැකියාවෙන් වැඩක් ගත්තේ නැහැ කියලා මට හිතිලා නැහැ කවදාවත්. මම ලංකාවෙන් පිට වෙලා ගියේ මගේ වෘත්තියට. කෙටියෙන්ම ඔබ අහපු ප්‍රශ්නෙට මම පිළිතුරු දෙන්නම් මෙහෙමයි. මම ආසයි මේ රටේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියන් රඟපෑ විදිහට රඟපාන්න. ඒ වගේම චරිතාංග නිළියක් විදිහට හැමෝගෙම හිත්වල රැඳෙන්න. ඒ නිසාම මම ඒ වගේ චරිත ලැබෙනවා නම් ලංකාවට ඇවිත් යන්න හරි එනවා.

ජීවිතයේ ඔබට ආපස්සට යන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ රඟපෑ චරිත වෙනස් කරනවද, මම හිතනවා මට ජීවිතයේ ආපස්සට යන්න පුළුවන් වුනොත් මම රඟපෑ චරිත මීට වඩා හොඳට කරාවි කියලා. කෙටියෙන්ම අද ඒ වගේ දෙයක් කරානම් හොඳට කරන්න තිබුණා. ජීවිතයේ අත්දැකීම් මේ වෙද්දි බහුල නිසාම සමහර චිත්‍රපටිවල කියපු දෙබස් අද කිවානම් ගොඩක් දුරට සාර්ථක වෙන්න තිබුණා. අද මම දරුවන් තුන් දෙනෙකුගේ අම්මා කෙනෙක් නිසාම කලින් මම රඟපෑ අම්මා කෙනෙකුගේ චරිතය වඩාත් සාර්ථක ලෙස රඟපාන්න තිබුණා. මම හිතන්නේ අත්දැකීම් බහුල වෙන තරමට අපිට චරිතයක් සාර්ථකව විදිහට ප්‍රේක්ෂකයන්ට ලං කරන්න පුළුවන්.

ඔබ සිනමාවෙන් දුරස් වෙලා ඉන්න එක ලේසි පහසු දෙයක්ද, මම කිසිම තැනක කිසිම කෙනෙක්ට කිසිම වෙලාවක කියලා නැහැ මම රංගනයට සමු දුන්නා කියලා.ඇත්තටම සිද්ධ වුණේ මම මගේ පවුලට මූලික තැන දීපු එක. මට සිනමාවෙන් ඈත් වෙලා ඉන්න එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ නිසාම මට හොඳ මට ගැළපෙන චරිතයක් ලැබුණොත් අනිවාර්යෙන්ම මම ලංකාවට ඇවිත් රඟපානවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *