සමිතා මුදුන්කොටුව කියන්නේ මෙරට සිටින දක්ෂ ප්‍රවීණ ගායන ශිල්පිනියක්. පෞද්ගලික ජීවිතය තුළ ඇයට මොනතරම් ප්‍රශ්න තිබුනොත් සමාජය තුල ඇයට කාගෙත් ආදරයට ගෞරවයට ලක් වුණු චරිතයක්. ගායන ලෝකයේ ම ප්‍රවීණයකු හා විවාහ වී සිටි ඇය ඔහුගෙන් වෙන්න වූයේ ඇගේ දියණිය කුඩා කාලයේදීමයි. කෙසේවෙතත් සමිතා මේ වන විට ලාබාල තරුණයකු හා විවාහ වී අවසන්. ඔවුන්ගේ පවුල් ජීවිතය ඉතා සාර්ථක බවයි ආරංචි වන්නේ. නමින් ඔහු චිරන්ත. මොවුන් විවිධ අවස්ථාවලදී සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවට ඔවුන්ගේ ආදරණීය කැදැල්ල පෙන්නුම් කරනවා.
ඔබ එන්න එන්න ලස්සන වෙනවා නේද, වෙන්න ඇති මොකද මම හැම වෙලාවෙම සතුටින් ජීවත් වෙන කෙනෙක්. මම කාගෙවත් දේවල් හොයන කාටවත් මුකුත් කියන කෙනෙක් නෙවෙයි. මම හැමෝම එක්ක හිනාවෙන්නේ හදවතින්මයි .මූනට විතරක් හිනාවෙලා පස්සේ තැනක බනින්නෙ නැහැ. ඒ නිසාම වෙන්න ඇති මම ලස්සනට ඉන්නේ.
විවිධ කාල වල දී ඔබට සමාජයෙන් ගැරහුම් ලැබෙනවා ඒ ගැන මොකද හිතන්නේ, මොනදේ උනත් මට ආදරේ කරන පිරිසක් මගේවටේ ඉන්නවා. ඒ අතර එක් කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ඕපදූප හොයන. සමහරු අපේ වැරදි හොයන්නේ හරියට මම එයාලට වරදක් කරල තියනවා වගේ. සමහර වෙලාවට මම හිතෙනවා ඇයි මේ අය මෙහෙම කරන්නේ කියලා. හැබැයි මම කිසිම දෙයක් ඉදිරියේ කම්පා වෙන කෙනෙක් නෙවේ. මම විශ්වාස කරනවා මම ආදරේ කරන මගේම අය මම ළඟ හැමදාම ඉඳීවි කියලා. මෑතකදී සමිතාගේ ගෙදර අපූරු උපන්දිනයක් සමරුනා. ඒ ඇගේ සමීපතම මහේෂ්වරිගේ උපන්දිනය.