අදෝවාතය බෝතල් කර විකුණා කොටිපතියනික් වුන දිරිය කාන්තාව ස්ටෙෆනි

ලෝකයේ විවිද අය දියුණු වෙන්න විවිද ක්‍රම හොයාගන්නවා. ඒ වගේම ඒ ක්‍රම හරහා ඔවුන් ලෝකේ ලොකුම ධනවතුන් බවට පත්වෙනවා, ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ වෙනස්ම ක්‍රමයකින් ලෝකේ ජනප්‍රිය වුන වගේම කොටි ගානක් උපයපු දිරිය කතක් පිළිබඳව, ඇය නමින් ස්ටෙෆනි මැටෝ (Stephanie Matto) මේ සුන්දර තරුණිය ලෝකෙම ජනප්‍රිය වෙලා තියෙන්නේ අදෝවාත කෙල්ල විදියට, මොකද ඇය මුදල් උපයන්නේ ඇයගේ අදෝවාතය බෝතල් කරලා විකුනලා.

ඉතින් මේ සම්බන්දයෙන් ඇය ජාත්‍යන්තර මාධ්‍යවලට කියලා තියන්නේ මේ වගේ කතාවක් ”මට මේකෙන් හොඳ ආදායමක් ලැබෙනවා, ඉතින් දිනපතාම මේක කරන්න ඕන නිසා අම විශේෂ ආහාර ආහාර වෙලකුත් ගන්න පටන් ගත්තා. ඒ ආහාර වේල නිසා මට පුළුවන් වුනා දවසකට සෑහෙන වතාවක් අදෝවාතය පිටකරන්න. ඒ වගේම අදොවාතය ගොඩක් එකතු කරගන්නත් පුළුවන් වුනා,”

අපිටනම් මේ කතාව ඇහුවම කෑමත් එපා වෙනවා හැබැයි ඇයගේ පාරිබෝගිකයක් පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”සමහර අයනම් මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති නෑ මට සමහර අය බැනලා තිබ්බා හැබැයි මගෙන් මේ බෝතල් මිලදී ගන්න අයනම් කියන්නේ ඒ අය මේ දේ ගැන ගොඩක් සතුටු වෙනවා කියලා. ඇත්තට මම මේ වැඩේ පටන්ගත්තේ විනෝදයට මොකද මට ඒ වැඩේ හරිම විනෝදජනකයි. ඒ වගේම ඒවා බෝතල් කරලා විකුණන එක අලුත් දෙයක් වෙනස් දෙයක් ඉතින් මම ඒ වැඩේ පටන් ගත්තා”

දැන් මම මගේ ව්‍යාපාරය තවත් වැඩි දියුණු කරගන්න හිතාගෙන ඉන්නේ මොකද මගෙන් මේ දේවල් මිලදී ගන්න අය මගෙන් නාපු වතුර මගේ දාඩිය වගේම මගේ ඇඳුම් පවා මිලදී ගන්න ඉල්ලනවා, ඉතින් මම ඒ දේවල් අලවි කරන්නත් බලාපොරොත්තු වෙනවා මට ඒ තුලිත් තවත් මුදල් උපයන්න පුළුවන් ” කියලයි. ඉතින් ලෝකෙම හොල්ලපු ස්ටෙෆනිගේ මේ ව්‍යාපාරය පිලිබඳ ඔබට හිතෙන්නේ කුමක්ද..?

Related Posts

Leave a Reply

Your email address will not be published.