අතුල අයියව ගෙනාවේ සමිතට හොරෙන්

අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව කියන්නේ රටක් ආදරය කරන දක්ෂ සුන්දර ගායක යුවළක්. මොවුන්ගේ පවුල් ජීවිතය දෙදරා ගියා මොවුන් අදටත් සුහදව ගායන ක්ෂේත්‍රය තුළ ජීවත් වෙනවා. අද අපි කතා කරන්න යන්නේ සුවිශේෂී දෙයක් ගැන. අතුල සමිතා ගැන නැවතත් සමාජ කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ඔවුන්⁣ගේ ජීවිත ගැන සොයන්න බොහෝ දෙනා පෙළඹිලා තියෙනවා. කාලයක් නිහඬව සිටිය මේ යුවළ නැවතත් කතාබහට ලක්වෙන්නේ කුමක් නිසාද යන්න අපි සොයා බලන්න හිතුවා. 2022 වර්ෂය ආරම්භ කරන්නේ කරන්නෙම අතුල සමිතා අපූරු වැඩකින්.

ඒ ආත්මා ලියනගේ පෙනෙන නොපෙනෙන ගීතය අලුත් මුහුණුවරකින් සමාජගත කිරීමත් සමග. පහුගිය දිනවල අතුල සමිතා වීඩියෝවක් ට්‍රෙන්ඩින් වෙන්න පටන් ගත්තා. අලුත් මුහුණුවරකින් ගැයෙන පෙනෙන නොපෙනෙන ගීතය බොහෝ දෙනා අහන්න පටන් ගත්තා. කුහකකම හදවතේ නැති ගායක යුවළක් විදිහට එදා මෙන් ම⁣ මොවුන් ජීවත් වෙන්නේ හදවතින් බැඳෙමින්. කෙසේ වෙතත් මෙහි සුවිශේෂිත්වය වන්නේ සමිතාගේ අලුත් සැමියා චිරන්තද මෙයට සහය දැක්විමට සහභාගි වීමයි. කටකතා කොතෙක් ඉදිරිපත් වුණත් මොවුන්ගේ ජීවිතයට ඒ කිසිදු කටකතාවක් අදාල වන්නේ නැත. ඔවුන් සතුටින් ජීවත් වෙනවා. ඒ බව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ රූපරාමු වලින් වීඩියෝ පට මගින් ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙනවා.

අපි මේ සිදුවීමත් එක්ක එක් පුද්ගලයෙක් තෝරාගත්තා කතා කරන්න. ඔහු තිළිණ රුහුණගේ. ගායන ක්ෂේත්‍රයට පැමිණ අවුරුදු දහ අටක් පමණ වෙද්දී මොහු ආදරේ කරන යුවල සමිතා අතුල යැයි ඔහු පවසා සිටියා. ඔහු විශ්වාස කරන්නේ ඔහුගේ ජීවිතයට වාසනාව ගෙන ආවේ අතුල සමිත කියලා. එනිසාම 2022 අවුරුද්ද ඔහු ඔවුන් එක පටන් ගත්තා. ඔහු තවදුරටත් පවසා සිටියේ අතුල සමිතා වෙන් වුනත් වෘත්තීය වශයෙන් ඔවුනට එකට වැඩ කිරීමේ මානසිකත්වයක් ඔවුන් සතුව තිබුණ බවයි.

ඔවුන් දෙදෙනාම මේ වෘත්තියට ගරුකරමින් කටයුතු කරන බවද පවසා සිටියා. අපි මේ විෂුවල් එක කරද්දී අතුල අයියාව ගෙනාවේ හොරෙන්. සමිතා අක්කා වත් කාවින්ද්‍යා වත් දන්නේ නැහැ අතුල අයිය එනවා කියලා. කොහොමහරි ඔවුන් කරපු වැඩේ ට්‍රේන්ඩින් වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ඔහු පවසා සිටියේ අතුල සමිතා බැඳීම හරි සුන්දරයි කියලා. ඔවුන්ගේ හිත්වල කුහකකම කුහක කම නැති වගද කියා සිටියා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *