Tue. May 17th, 2022

සඳනි ප්‍රනාන්දු කියන්නේ ඉතාම කෙටි කාලයකින් වඩාත් ජනප්‍රිය වුන නවක පරපුරේ රංගන ශිල්පිනියක්. නිරූපණ ශිල්පිනියක් වු ඇය බොහෝ දෙනා දන්න අදුරන චරිතයක් බවට පත් වෙන්නේ අග්නි පියාපත් ටෙලිනාට්‍ය නිසා. එම ටෙලි නාට්‍ය නිසාම බොහෝ දෙනෙක් ඇය ගැන කතා කරන්න පටන් ගන්නවා. සඳනි කියන්නේ මනා වු සුන්දරත්වයක් හිමි තරුණියක් කිව්වොත් හරි. ඒ වගේම මේ දවස්වල ඇය ගැන කතා වෙන්නේ ඇය මුහුණු පොතට එකතු කරලා තිබුන අලුත්ම පින්තුර කිහිපයක් නිසා. ඒ වගේම ඇය මේ වගේ සටහනකුත් මුහුණු පොතට එකතු කරලා තිබුනා ‘මා අතැගිලි ගෙන පපුතුරුලෙම, සගවනු මා සොදුරේ.’

කෙසේ වෙතත් රංගන ශිල්පි සඳනිගේ ආදරවන්තයා වුනේ ගායක පියත් රාජපක්ෂ. මොවුන්ගේ ආදරය ගැන සඳනි වරින් වර මාධ්‍යයට ප්‍රකාශ කර තිබුනා. පහුගිය දිනවල මොවුන් දෙදෙනාම එකතුව අපූරූ ගිතයක්ද සමාජගත කර තිබුනේ හරි ආදරණිය විදිහට. ගතයේ නම ආදරය නමින්. කොරෝනා වසංගත සමයේද හිට් වන ගිතයක් නිර්මාණය කරපු පියත් ඒ ගිතයද සඳනි වෙත ගායනා කර තිබුනේ බොහෝ දෙනෙකුගේ ආදරය ජනප්‍රියත්වය හිමිකර ගනිමින්.

සඳනිගේ රුව නිසාම බොහෝ තරුණයන් සඳනි ගැන කතා කරන්න පටන් අරගෙන තිබුනා. ඇය විටෙක නර්තන ශිල්පිනියක්ද නිරූපණය ශිල්පිනියක්ද වෙනවා. රංගනයට ආවේ නැත්නම් සඳනි කවුරු වෙයිද, එහෙම වුනානම් මම අනිවාර්යයෙන් එකවුන්ටන් කෙනෙක වෙයි. මොකද මම අධ්‍යාපන කටයුතු කලේ ඒ සම්බන්ධව. මම කළමනාකරණ උපාධිය කරගෙන යනවා.

ඔබ නිර්මාණ භාරගන්නේ අඩුවෙන් නේද, මම නිර්මාණ ගොඩක් භාරගන්න කෙනෙක් නෙවෙයි. මම ගොඩක් වෙලාවට නිර්මාණයක් ⁣කරන්නේ තෝරා බේරාගෙන. මම කරන නිර්මාණය ගොඩක් ආසාවෙන් තෝරගෙන කරන නිර්මාණ. අනික මම නිරන්තරයෙන් කැපී පෙනෙන්න කැමැති චරිතයක් නෙවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *