‘අත්තම්මට පස්සේ මට වැඩියෙන්ම ආදරේ කරන කෙනා නිමාලි’ කෝකිල ආදරේ ගැන කියන කතාව

මේ දිනවල ලොකු කුඩා කවුරුත් අතරේ ජනප්‍රිය චරිතයක් තමා නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මාලන් කියන්නේ. ඒ චරිතයට පණ පොවන ඔහු නමින් කෝකිල පවන්. දක්ෂ ගායකයෙක්, රංගන ශිල්පියෙක් වෙන ඔහුට සිනමාවද ආදුනික නෑ. ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔහු සමඟ. කෝකිල නළුවෙක් වෙනනන පොඩිකාලේ ඉදන් ආස කලාද, “මගේ නමේම පොඩි වෙනසක් තියෙනවනේ. මගේ ජිවිතේ වුනේ මගේ ආච්චි සියයි. මාව ගායකයෙක් විදිහට දකින්න එයාලා ගොඩක් ආස කලා. ඒ නිසාම මට ඒ ගමන යන්න ගොඩක් උදව් කලා. හැබැයි ගායකයෙක් වෙන හිනය හිතේ තියෙද්දි අහම්ඹෙන් 2005 මට නාට්‍යයක මි මැ⁣ස්සෙක්ට රඟපාන්න අවස්ථාව ලැබෙනවා. එදා මි මැස්සා මාව මේ තැනට ගෙනාවා කිවොත් හරි.

විවාහ ජීවිතේ ගැන කතා කලොත්, ”ඇත්තටම ගොඩක් සතුටින් මම ම⁣⁣ගේ පවුල් ජිවිතේ ගෙවනවා. එයාගේ නම නිමාලි. නිතිය හදාරන කළමනාකරණ අංශයේවැඩ කරන කෙනෙක් එයා. කලාවට ආදරේ කරන හිතක් එයාට තියෙන්නේ.එයා කලාවට සම්බන්ධ වෙයි කියලනම් මම හිතන්නේ නෑ. හැබැයි මම යන ගමනට ලොකු සහයෝගයක් එයා දෙනවා. පොඩි කාලේ ආච්චි සියා මට ලොකු සවියක් වුනා මගේ ගමනට. අද මට ඒ විදිහටම හයියක් නිමාලිගෙන් ලැබෙනවා. ආච්චිට පස්සේ මම වැඩිපුරම ආදරේ නිමාලිට. ඇත්තටම එයා මාව ගොඩක් හොදට තේරුම් අරගෙන ඉන්න කෙනෙක්.

ඔබට දෙමාපියන්⁣ගේ ආදරය ආච්චි සියාගෙන් ලැබුනද? “ඇත්තටම ඔව්. ඒ ආදරේ ගැන කියන්න මම අදටත් දන්නේ නෑ. මට පොඩි කාලේ තිබුන එකම ආදරය ⁣ඒ දෙන්නාගේ ආදරය. කාලයත් එක්ක මට හොද යාළුවෝ ජිවිතේට එකතු වුනා. ඇත්තටම එයාලා හොද යාළුවෝ. ජිවිතේ එයාලා වුනත් මට කොතනකවත් වැටෙන්න දුන්නේ නෑ. හැමවෙලාවකම ලගින් හිටියා.යාළුවෝ වුනත් අද හොද තැන්වල ඉන්නවා.”

ඔබේ ළමා කාලය ගැන මතක් කලොත්, ”මට තිබුන ළමා කාලය හරි පුදුමාකාරයි. මගේ ළමා කාලයේ මතක හරිසුන්දරයි. ඒකට හේතුව ආච්චි සියාගේ ආදරය වගේම අපි තුන්දෙනා විදපු දුක්. එදා දුක් විදපු නිසා වෙන්න ඇති අද යාම්තාක් දුරට අපි සැප විදින්නේ. බාධක දුක් මේ හැමදේම මට පුරුදුයි. මොකද මම පොඩි කාලේ ඉදන් අභියෝග වලට මුහුණ දුන්න කෙනෙක්. මගේ සියා නිසාම මම කොන්ද කෙලින් තියාගෙන තිරණ ගන්න පුරුදු වෙලා ඉන්නවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *