Tue. May 17th, 2022

කළා ලෝකයේ ඉන්න හුරතල්ම රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියෙන්නේ. කාලෙන් කාලෙට විවිද ජනප්‍රිය ටෙලිනාට්‍ය හරහා ඔබ හමුවන ඇය මේ දිනවල පාරදිගේ නාට්‍යට සිය රංගන දායකත්වය ලබා දෙනවා. ඉතින් අද අපේ මේ කතාබහට එකතුකරගත්තේ ඔබත් මමත් අපි හැමෝම ගොඩක් ආදරේ කරන වොල්ගා කල්පනීවයි. ඉතින් වොල්ගා කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල නම් පාර දිගේ ටෙලිනාට්‍යට සම්බන්ද වෙලා තියෙනවා. ඒ වගේම තව නාට්‍යයක් කළා ඒක තාම විකාශනය වෙන්න පටන් අරගෙන නෑ. පිටපත් කිහිපයක්ම ලැබුනා ඒ ටික කියවනවා ඕවා තමා වැඩ”

වොල්ගා ඔබ චරිත තෝරා බේරාගෙන රඟපාන රංගන ශිල්පිනියක්ද ”මම දැන් ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු අටකටත් වැඩියි, ඒ කාලය තුල අඩුම තරමේ නාට්‍ය පනහක් රඟපාල නැහැ. මම හැමදාම චරිතයක් භාරගත්තෙ තෝරාබේරාගෙන. ඒ වගේම මම පැය 24ම ෂුටින් තියෙන කාර්යබහුල රංගන ශිල්පිණියක් වුණේ නැහැ. මම මගේ කාලය වැඩිපුර ගතකරන්නේ ගෙදර, අනික මම මෙගා වලට සම්බන්ද වෙන්නේ නෑ පාරදිගේ නාට්‍යයට සම්බන්ධ වෙන්න හේතුව වුණේ ජයප‍්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයා මොකද එතුමා තමයි මම මේ ක්‍ෂේත‍්‍රයට අරගෙන ආවේ. ඒ නිසා එතුමාගෙ නාට්‍යවල දිග පළල මම හොයන්නෙ නැහැ.”

මේ පින්බර වෙසක් මාසේ පිලිබඳ වොල්ගට මොකද හිතෙන්නේ ”වෙසක් කාලේ කිවුවම මගේ හිතට මොකදෝ සැහැල්ලුබවක් දැනෙනවා, මට විතරක් නෙවෙයි ලංකාවාසී හැමෝටම එහෙම වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ. අපේ ගෙදර අය වෙසක් කාලෙට වෙසක් අසිරිය බලන්න හැම තැනම ඇවිදිනවා. මම ගොඩක්ම ආසයි දන්සල් කන්න, මට මතකයි එකපාරක් අඟුලාන බත් දන්සලකින් කෑවා, අම්මයි තාත්තයි අක්කයි තව අපේ හිතවත් කට්ටියකුයි හිටියේ දන්සල විවෘත කරනකන් මම තමයි පෝලිමේ ඉස්සරහම හිටියේ. දන්සල් කෑම වල අමතුම සුවඳක් රැසක් තියෙන්නේ. මේ සැරේ දන්සල් නැති එකනම් හරිම දුකයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *