අක්කා මල්ලි ලවු වැඩිකාලයක් තියෙන්නේ නෑ – ජනප්‍රිය නිලි චතුරිකා පීරිස්,

පුංචි තිරයේ හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ ගොඩක් දක්ෂ වගේම ගොඩක් ලස්සන රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස් කියන්නේ, කාලෙන් කාලෙට විවිද නිර්මාණ හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න චතුරිකා මේ දවස්වලනම් වැඩිය පෙන්න නෑ, ඉතින් කාගේත් ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක වන චතුරිකා සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ, ඉතින් චතුරිකා කොහොමද ජීවිතේ මොකද වෙන්නේ ඉතින් මේ දවස්වල ”මේ දවස්වල නම් පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා, ඒ වගේම ගෙදර වැඩ වගේම ළමයින්ගේ වැඩත් ටිකක් තියෙනවා ඒවත් කරගෙන ඉන්නවා”

චතුරිකා මේ දවස්වල වැඩිය වැඩිය පෙන්න නෑ ඇයි ඒ දැන් ආරාධනා එන්නේ නැද්ද…? ‘මෙහෙමයි පලවෙනි කාරණය තමයි මම දැන් තෝරාබේරාගෙන තමයි වැඩ කරන්නේ, ඒ වගේම දැන් ෆිල්ම් හැදෙනවා අඩුයි ටෙලිනාට්‍ය තමයි ගොඩක් තියෙන්නේ, ඒ වගේම රංගන ශිල්පිනියන්ට ගෙවන මුදල් පිලිබඳ ප්‍රශ්නයක් තියෙනවා, කොහොමත් දැන් සංස්කෘතියට වගේම අපේ කලාවටත් ඉඩක් නෑ, ඉතින් මම බොහොම පරිස්සමින් තෝරාබේරාගෙන තමයි වැඩ බාරගන්නේ,”

අපි දකිනවා මේ දවස්වල අක්කලා මල්ලිලා එක්ක ආදරෙන් බැඳිලා ඉන්නවා, ඒ ගැන චතුරිකා මොකද හිතන්නේ, ”මම නම් හිතන්නේ ඒක සාපේක්ෂයි කියලා, ආදරයට වයස් බේදයක් නෑ, කළුද සුදුද දුප්පත්ද පොහොසත්ද, කියලා ආදරේ මනින්න බෑ, හැබැයි මම පුද්ගලිකව දකින්නේ කාන්තාවක් තමන්ට වඩා වයසින් බාල කෙනෙක් එක්ක ආදර සම්බන්දතා පවත්වන එක හරි නෑ මොකද එතකොට පවුලේ ප්‍රශ්න වැඩියි, සරලවම කියනවනම් අක්කා මල්ලි ලවු වැඩි කාලයක් තියෙන්නේ නෑ, එක එක්කෙනා හිතන විදිය වෙනස් නේ මම කිවුවේ මම හිතන විදිය ඒක වැරදි වෙන්න පුළුවන්”

Related Posts

Leave a Reply

Your email address will not be published.